නොපියවූ වියදම් පියවා ගැනීම හා ණය සීමාව වැඩි කිරීම සඳහා ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබූ යෝජනාව ආණ්ඩුව විසින් ඉවත් කර ගැනීමට කටයුතු කළේය.
විපක්ෂයේ විරෝධය අනුව මෙම යෝජනාව ඉවත් කර ගන්නා බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.
ඉන් අනතුරුව අදහස් දැක්වූ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසුවේ සංවර්ධන යෝජනා හා ජනතාවට සහන ලබාදීමේ යෝජනා සඳහා විපක්ෂය විරුද්ධ නොමැති බවත් ණය සීමාව වැඩි කිරීමේ යෝජනාවට විපක්ෂය විරුද්ධ බවය.