මහ බැංකු මංකොල්ලකරුවන් අත්අඩංලුවට ගන්නා බවට සඳහන් කරමින් බලයට පැමිණි ආණ්ඩුව වර්ථමානයේ එම මංකොල්ලකාරයන්ට විශ්‍රාම වැටුප් ලබා දීමට කටයුතු කරමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පැවසීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය 30 වැනිදා පනවන ලද හදීසි නීති රෙගුලාසි වලට අදාළ ප්රකාශනය පිළිබද ඊයේ(06දා) පැවති පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මේ අතර හදීසි නීතිය හෝ වෙනත් කුමන නීතියක් ගෙන එනු ලැබුවද ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් මෙන්ම නීතියේ ආදිපත්‍ය වෙනුවෙන් විපක්ෂය ලෙස ඔ්නෑම කැපකිරීමක් කිරීමට සූදානම් බව සඳහන් කළ එස්.එම් මරික්කාර් මන්ත්‍රීවරයා,
මේ හදීසි නීතිය හරහා වෙන්නේ මොකක්ද. ලෝකයේ අපේ රට පිළිබදව වැරදි චිත්‍රයක් මැවිලා තිබෙනවා. ලෝකය අද වාර්ථා කරනවා ආහාර පාලනය කිරීමට හදීසි නීතිය දාන රටක් බවට. යම් වෙලාවක කෝවිඩ් පාලනය වුනාම මේ විදිය කලු චිත්‍රයක් මැවුනම එයිද සංචාරකයෝ. ඒ නිසා අද ඩොලර් එන ආදායම් මාර්ග 4න් 2ක් වැහිලා තිබෙනවා. ඉතිරි 2න් භාගයක් වැහීගෙන ගිහින් තිබෙනවා. ඒ අනුව කෝවිඩ් පාලනය වුනත් දඩබ්බර ලෙස එක් ප්‍රශ්නයක් විසඳීම සඳහා ගනු ලබන තීරණ හේතුවෙන් තවත් ප්‍රශ්න 4-5ක් මතු වීම හරහා ලෝකය ඉදිරියේ කොන්වීම පමණක් නෙවෙයි ආර්ථික වශයෙන් කුඩු පට්ටම් වන රජයක් බවට අද අපේ රට පත්වෙමින් තිබෙනවා. ඒ වගේම අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකුවේ හිටපු සහ දැනට ඉන්න අධිපතිවරුන්ට විශ්‍රාම වැටුප් දෙන්න යෝජනා කරලා තිබෙනවා. මෙතුමන්ලා මහ බැංකු හොරු අල්ලනවා, අර්ජුන් මහේන්ද්‍රන්ව දඬුකදේ ගහනවා කියලා කිව්වා. දැන් කබ්රාල් ජනාධිපතිගේ විශ්‍රාම වැටුප වගේ 15 වැඩි වැටුපක් තමන්ම දාලා තමන්ම අනුමත කරගෙන. ඒ වගේම අර්ජුන් මහේන්ද්‍රන්ටත් විශ්‍රාම වැටුප් ගෙවන ආණ්ඩුවක්. මහබැංකු හොරු අල්ලනවා වෙනුවට හොරාට විශ්‍රාම වැටුප් ගෙවන ආණ්ඩුවක් බවට පත්වෙලා. අපි පැහැදිලිව කියන්න කැමතියි මොන නීතිය ගෙනාවත් අපි මේ රටේ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් වෙනුවෙන්, නීතියේ ආදිපත්‍ය වෙනුවෙන් අපි ඔ්නෑම කැපකිරීමක් විපක්ෂය ලෙස කරන්න කැමතියි. යනුවෙන්ද සඳහන් කළේය.