ඒකාබද්ධ විපක්ෂය කුමන ප්‍රකාශ සිදුකළත් ආණ්ඩුව පෙරළීම සඳහා කිසිදු ඉඩක් ලබානොදෙන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය. හෙතෙම මේ බව පැවසූයේ ගම්පහ ප්‍රදේශයේ ඊයේ (14දා) පැවැති උත්සව අවස්ථාවකට එක්වෙමිනි.
පසුගිය කාලය පුරාම ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවට එරෙහිව දියත් කළ සියලු අභියෝග වත්මන් රජය පරාජය කළ බවත්, පාර්ලිමේන්තුව තුළ ඔළු ගෙඩි මාරු කිරීමකින් ආණ්ඩු බලය ලබාගන්නා බවට සිදුකරන ප්‍රකාශ විහිළු සහගත බවත් ඒ මහතා මෙහිදී පවසා සිටියේය.
පාර්ලිමේන්තුව තුළ බහුතර බලය තනි දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂයට තිබෙන බව ඔවුන්ට අමතක වී ඇති බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.