පසුගිය පාලන සමයේදී අග්‍රාමාත්‍යවරයෙකු නොමැතිව, නිසි ආණ්ඩුවක් නොමැතිව රට ආරාජික තත්ත්වයට පත්ව තිබුණු බවත් පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කර ශක්තිමත් ස්ථාවර පාලනයක් රට තුළ ඇති කළ යුතු යැයි.
තමන් ආණ්ඩුවට සහාය දක්වන්නේ රට ස්ථාවර කිරීම සඳහා බවත් ආණ්ඩු පක්ෂයට සහයෝගය දැක්වුවත් ඇමතිධූර අපේක්ෂා නොකරන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජේමුණි සොයිසා මහතා ප්‍රකාශ කළේය.
ඊයේ (31දා) මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේදී දන්තධාතූන් වහන්සේ වැද පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව කීවේය.
“දෙමළ ජාතික සන්ධානය සමඟ ගිවිසුම් ගැසුවාද නැද්ද කියන එක වැඩක් නැහැ. මොකද කොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙන විටයි. එවිට අපිට බලාගන්න පුළුවන්. මොනව වුවත් මේ සියල්ල පාර්ලිමේන්තුවේ 225 තුළින් දැක ගත හැකියි”
චමිල් රූපසිංහ