කොරෝනා වෛරස ආසාදනයට මුහුණ දෙන්නට ආණ්ඩුවේ සූදානමක් නොමැති බවත් ආර්ථික අර්බුදයට විසඳුමක් ලබා නොදී කොරෝනා වෛරසයට මුවා වෙමින් ජනතාව මත බරපැටවීමේ උත්සාහය සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරයි.
පෙ.ස.ප. ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේ ඊයේ(11) බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදි ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය,
“වර්ෂය ආරම්භයේ චීනයේ ආරම්භ වූ කොරෝනා වෛරසය මේ වනවිට ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් ලෝකයේම වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
රෝගය සම්බන්ධ බිහිසුණු බව සම්බන්ධයෙන් විවිධ සංඛ්‍යා දත්ත හා තොරතුරු වාර්තා වෙනවා. රෝගය වැළඳෙන අයගෙන් වැඩි පිරිසකට විශේෂ සත්කාර අවශ්‍යවන තත්ත්වයක් තිබෙනවා. ඒ නිසා සෞඛ්‍ය පහසුකම් සම්බන්ධ වැඩි අවධානයක් අවශ්‍ය වෙනවා. නමුත් අපි අහන්නෙ මෙවැනි අභියෝගයකට ලංකාව සූදානම්ද, පාලකයන් ඒ සදහා අවධානය යොමුකර තිබනවද කියන කාරණය.
මේ වනවිට ඉතාලිය, කොරියාව, ඉරානය වැනි රටවල් අලුතින් මෙම වසංගතයේ තර්ජනයට මුහුණ දෙමින් සිටිනවා. අපේ රටේ මුලින්ම චීන ජාතික කාන්තාවක් ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන ප්‍රතිකාර කිරීමෙන් සුවපත් කිරීම නිසා විශාල ප්‍රචාරයක් දුන්නා වුණත් ඇත්තටම අපි මේ වසංගතයට මුහුණ දෙන්න සූදානම්ද කියන ගැටලුව අපි මතු කරන්න කැමතියි. මේ ගැටලුවේ ගැඹුර සම්බන්ධයෙන් පාලකයන්ගෙ අවධානය යොමුවෙලාද කියන ප්රශ්නය අපට තිබෙනවා” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.