Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 06 වන සඳුදා
2025 ජනවාරි මස 06 වන සඳුදා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙකු ආණ්ඩුවට සහාය පළකිරීමට ගියහොත් ඔවුන්ට ඇමතිකම් ලබා නොදෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව හමුවේ ඊයේ (18දා) සවස යළි පවසා තිබේ.
ආණ්ඩුවේ ඇමතිකම් ලබා නොගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණයක් ගෙන තිබියදී, ආණ්ඩුවට එක්වූ මන්ත්‍රීවරුන් සම්බන්ධව ඉදිරියේදී විනය ක්‍රියාමාර්ග ගන්නා බවද ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමට ආණ්ඩුවට එක්වූ විජිත් විජිතමුණි සොයිසා, ඉන්දික බණ්ඩාරනායක, ලක්ෂමන් සෙනෙවිරත්න යන මන්ත්‍රීවරුන් නොපැමිණි බවද වාර්තා වෙයි.
කාලසටහනක් අනුව ඉදිරි දේශපාලන වැඩපිළිවෙළ සකස් කර ගැනීම සම්බන්ධවද මෙහිදී සාකච්ඡා වී තිබේ.
මේ සම්බන්ධව කළ විමසීමකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා,
“කාලසටහනක් අනුව ඉදිරි දේශපාලන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න මේ වන විට පක්ෂයට ඉදිරිපත් කර තිබෙන සැලසුම ක්‍රියාත්මක කරන්න සාකච්ඡා කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු තීන්දුවකින් තොරව එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවට සහාය දක්වන්න කවුරුහරි යනවා නම් ඒ කිසි කෙනෙකුට අමාත්‍ය ධුර ලබා නොදීමට තීරණය කළා.
කිසිවෙකුට එහෙම ලබා දෙන්නෑ කියලා ජනාධිපතිවරයා අවධාරණය කළා. එහෙම ගිය අය සම්බන්ධව විනය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ඉදිරියේදී සාකච්ඡා කර තීරණය කළ යුතු බව සාකච්ඡා වුණා. මධ්‍යම කාරක සභිකයන් ඒ සඳහා අදහස් ඉදිරිපත් කළා. පැහැදිලිව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු විරෝධීව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විපක්ෂයේ කටයුතු කරනවා.
ඉදිරියේදී පොදුජන පෙරමුණ ඇතුළු වාමාංශික ප්රගතිශීලී සන්ධානයකින් සැදුම්ලත් සන්ධානයකින් අලුත් ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමට කටයුතු කරගෙන යනවා. ඒ සඳහා සූදානම් වෙන්න කියලා ජනාධිපතිතුමා කිව්වා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් පක්ෂ සංවිධාන කටයුතු කරනවා. පක්ෂය ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් ඉන්නවා" යනුවෙන් පවසා සිටියේය.
popular news
batangala Wednesday, 19 December 2018 09:59 AM
එතකොට පොහොට්ටුවට රිංගපු කට්ටියට සමාවක් තියෙනවද? මේවා තමයි ජනාධිපති විහිලු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුව ඇතුලේ දියවෙන්න ඇරලා බලාගෙන ඉඳල දැන් මොනවද මේ කියන කතා? ඒ දවස්වල කිව්වේ මැතිනිය එක්ක පක්ෂය වෙනුවෙන් වුන කැපවීම ගැන පුරාජේරු කතා. මේවා අපිට තවම මතකයි.
Reply : 36 120
Nandana Wednesday, 19 December 2018 11:08 AM
ඒකාදිපති වියරුව "කියල පොතක් ගහන්න අනිවාර්යෙන් .
Reply : 0 0
Rattharan Wednesday, 19 December 2018 11:18 AM
මහින්ද මහත්තය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමගිකයාව සිටියදී පළාත් පාලන චන්දයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය කිරීම සඳහා මහින්ද මහත්තය ඇතුළු කණ්ඩායම මහජන රැලි පවත්වමින් පොහොට්ටුව දිනවීම සඳහා කටයුතු කල අවස්ථාවේදී, මහින්ද මහත්තයා ඇතුළු කණ්ඩායමට විරුද්දව විනය ක්‍රියා මාර්ග නොගත්තේ බයටද ?????????
Reply : 0 0
somapala Wednesday, 19 December 2018 11:55 AM
මෙය්ය් මිනිහට 2019 පස්සේ පාරේ යනකොට ඇත්තටම මිනිස්සු හූ කියාවි.
Reply : 0 0
raawana Wednesday, 19 December 2018 11:05 PM
ශ්‍රී ලංකා එකේ මහා ලේකම්කම දාල ඇවිත් ජනපති වෙලා,පැරදුන අයට බලය ලබා දෙන්න දඟලල,පොඩි එවුන්ට හරහට යන්නේ නැතුව, කෙලින් යන්න කියනවා.
Reply : 0 0
Don Friday, 21 December 2018 09:28 PM
පොහොට්ටුකාරයන්ගේ වෙට්ටුවලට මට්ටුවෙලා නෑ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd