ව්‍යවස්ථා සංශෝධනය ගැන ලොකු කලබලයක් ඇති කිරිමට අවශ්‍ය නැති බව මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර නිපුණ රණවක මහතා පැවසිය .
මාතර සංවර්ධන කමිටු රැස්විමකට අද (29) සහභාගිවිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පලකරමින් හෙතෙම එසේ පැවසිය .
එහිදි තවදුරටත් අදහස් පලකල ඒ මහතා ,
‘‘ව්‍යවස්ථා සංශෝධනය ලොකු කලබලයක් ඇතිකරගන්න ඔ්න නැහැ. පාර්ලිමේන්තුවේදි එහි වෙනස්කම් සාකච්ජා කරලා වෙනස් කරගන්න පුලූවන් . නමුත් එක දෙයක් කියන්න ඔ්න. මේ රටේ ජනතාව ජනවරමක් ලබා දුන්නා ජරාජිර්ණ වු මේ ක්‍රමය වෙනස් කරන්න . ඒ සදහා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අපි ගෙනත් තිබෙනවා .
1978 රටට ගැලපෙන් නැති ව්‍යවස්ථා හදුන්වලා දුන්නා . අද එහි උච්චතම අවස්ථාවේදි තමයි අපි ආණ්ඩු කරන්නේ. මේ ක්‍රමය එක්ක යන්න බැරි තත්ත්වයක් තියෙන්නේ . ඒ සදහා කෙටිකාලිනව 20 වන ව්‍යවස්ථා සංශෝධනය හදුන්වලා දුන්නා . 20 වන සංශෝධනයේ වෙනස්කම් තියෙනම් බහුතරයේ කැමැත්ත පරිදි තින්දු තිරණ ගන්න පුලූවන් . ආණ්ඩුවක් විදියට මේ රටට ගැලපෙන ව්‍යවස්ථාවක් ගෙන ඒමට තමයි අපේ මුලික කාලය වැය කරන්නේ . ඒ සදහා කැබිනට් අනුමැතිය අරගෙන ඒ වැඩපිළිවෙල ආරම්භ කරලා තියෙනවා . මම දකින්නේ 20 විතරක් නෙමෙයි පරිපාලන ක්රමයේ ඉදන් මේ රටේ වෙනස් කරන්න ඔ්න . මේ ආණ්ඩුවේ වගකිම එය නොපිරිහෙලා ඉටුකිරිම’’ යැයි පැවසිය .