ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ රැස්වීමක් අද (25දා) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතය. ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් කිහිපදෙනෙකු හා ජාතික පොලිස් කොමිසමට නව සාමාජිකයන් පත්කිරීමට නිර්දේශ සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මෙලෙස රැස්වීමට නියමිතය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නව සාමාජිකයන් පත්කිරීමෙන් පසුව එම සභාව රැස්වන දෙවැනි අවස්ථාව මෙය වන අතර, ව්‍යවස්ථා සභාව පළමුවරට රැස්වූයේ නව අගවිනිසුරුවරයා පත්කිරීම සඳහා නිර්දේශ සලකා බැලීම සඳහාය.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිල කාලය පසුගිය14 වැනිදා අවසන් වු අතර,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්ව පොලිස් කොමිසමේ නව නිලධාරී මණ්ඩලය පත්කිරීම සම්බන්ධයෙන්සාකාච්ඡා කිරීමට නියමිත බවද වාර්තාවේ.