ආගමික කටයුතු සඳහා විශේෂ පොලිස් ඒකකය වෙසක් පෝයට පෙර ඉවත් නොකළහොත් බුද්ධ ශාසන අමාත්‍යාංශයට ගොස් පදිංචි වන බව රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ අද (07දා) පෙරවරුවේ පැවසූහ.
බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන සහ ලේකම් එම්.කේ.බී. දිසානායක යන මහත්වරුන් වෙත සංදේශයක් බාරදීමට එම අමාත්‍යාංශයට ගිය අවස්ථාවේදී උන්වහන්සේ මෙම අදහස් දැක්වූහ.
ලැබෙන පැමිණිලි උපයෝගී කරගෙන ජිනීවා නුවරට තවත් වර්තාවක් සැපයීමට අනුබල දීමක් සිදුකර ඇති බවත්, ජනාධිපතිවරයාද උගුලකට ඇද දැමීමට ඉන් උත්සාහ දරා ඇති බවත් සද්ධාතිස්ස හිමියෝ මෙහිදී අවධාරණය කළහ.