ඊද් අල්-අදාහ් ඉස්ලාම් ආගමික උත්සව සමයේදී නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීම ඉහළ යා හැකි බවට අනතුරු අඟවමින්, සෞඛ්‍ය බලධාරීන් නියමකර ඇති සමාජ දුරස්ථ නීතිරීති අනුගමනය කරන ලෙස ඉරාන ජනාධිපති හස්සන් රොයුහානි එරට ජනතාවගෙන් ඉල්ලා සිටියි.
බොහෝ ඉරාන වැසියන් ෂියා මුස්ලිම්වරුන් වන අතර, ඔවුන් සැප්තැම්බර් මාසයේදී අෂුරා හි වඩාත්ම වැදගත් උත්සවයන්ද මෙම කාලසීමාවේදී සමරනු ලබන බව කියැවෙයි.
එසේම රූපවාහිනිය ඔස්සේ අදහස් දැක්වූ ජනාධිපති හස්සන් රොයුහානි, "සෞඛ්‍ය නියමයන් සහ සමාජ දුරස්ථභාවය නිරීක්ෂණය කරමින්, මුස්ලිම් පල්ලි සහ ආගමික මධ්‍යස්ථානවල උත්කර්ෂවත් ලෙස මෙම උත්සව පැවැත්වීමට ඉඩ ලබාදෙන්න" යැයි පවසා සිටියේය.
ඉරානයේ මේ වනවිට සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් 291,172ක් වාර්තා වන අතර, වෛරසය ආශ්‍රිතව මියගිය සංඛ්‍යාව 15,700කි.