ජනතාව අතර ගෙවතු වගාව ප්‍රචලිත කිරිමේ අරමුණින් “ අස්වැද්දුම” නමින් නොමිලේ එළවළු බීජ ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.
එම වැඩපිළිවෙල ආරම්භ කරමින් ජනතාවට ලබාදිම සදහා සකස් කරන ලද එළවලු බිජ වලින් ප්‍රමාණයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දිම සිදු කල බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශවල වෙසෙන එක්ලක්ෂ විසිපන්දහසක පමණ පිරිසකට මෙම එළවලු බිජ ලබාදිමට නියමිත අතර ඒවා වගා කිරිම සම්බන්ධයෙන් අවශ්‍ය දැනුම ලබා දිමටද නියමිතය.
වස විසෙන් තොර එළවලු ලබා ගැනිමට ජනතාව පෙළඹිමේ අරමුණින් මෙය ක්‍රියාත්මක කෙරේ.