පාස්කු ඉරිදා ප්රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයන්ට පිළිතුරු දිමට අද දිනයේ පාස්කු කොමිසමට කැඳවු හිටපු අගමැති රනිල් වික්රමසිංහ අසනිප තත්ත්වයක් ඇති බව පවසා එම කොමිසමෙන් පිටව ගොස් තිබේ.
ඒ අනුව යළිත් 13 වනදා ඔහුට කොමිසම හමුවේ සාක්ෂි දිමට කැඳවා තිබේ. අද දිනයේ පෙරවරු 10.00ට පමණ පාස්කු කොමිෂමට පැමිණි හිටපු අග්රාමාත්යවරයා පෙරවරු 11.35ට පමණ එයින් පිටව ගියේය.
කෙසේ වෙතත් ඊයේ දිනයේ සාක්ෂි ලබා දිමට පැමිණි හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා එවක පැවති රජය තමන්ට සහාය දුන්නේ මාස 6ක් පමණක් බව පැවසු අතර ඒ පිළිබඳව විමසූ අවස්ථාවෙදී ඊට පිළිතුරු දෙමින් හිටපු අගමැති රනිල් වික්රමසිංහ ප්රකාශ කර සිටියේ ඔහුට මුලසිටිම ආණ්ඩුවේ සහයෝගය ලබාදීමට තමන් කටයුතු කළ බවයි.
පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් සිට වර්තමානය දක්වා රනිල් වික්රමසිංහ මහතා කටයුතු කිරීම තෙක් ඔහුගෙන් විමසා සිටි අතර 2015 වසරේ සිට ඔහුගේ කටයුතු සම්බන්ධයෙන් විමසන අවස්ථාවේදී කොමිෂමෙන් පිටව යෑමට ඔහු අවසර ඉල්ලීය.;