Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 06 වන සඳුදා
2025 ජනවාරි මස 06 වන සඳුදා
වසර හැටකට ආසන්න කාලයක් තුළ කරගත නොහැකිව තිබූ සංවර්ධනය පසුගිය වසර හතරක කාලය තුළ සිදුකළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසංහ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද (22) බේරේ වැව මගී ප්‍රවාහන යාත්‍රා ජනසතු කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අගමැතිවරයා,
"අද අපි දකින්නේ අලංකාර කොළඹක්. ලෝකයේ අනිත් රටවල වගේ අලංකාර නගරයක් ලෙස කොළඹ පරිවර්තනය කිරීම. අවුරුදු 50ක් 60ක් රට කිසිම සැලසුමක් නැතිව සංවර්ධනය වුණා. මේ අමාත්‍යාංශයේ ක්‍රියාමාර්ග නිසා අවුරුදු 50ක් 60ක් කරන්න බැරි වුණ සංවර්ධනය අපි පසුගිය අවුරුදු 4 තුළ කළා. මේ බෝට්ටු නිර්මාණය කිරීම ගැන මං නාවික හමුදාවට ස්තූති කරනවා. දැනට බෝට්ටු 2ක් නිර්මාණය කරලා තියෙනවා. මේ නිසා පැය භාගයක් යන ගමන විනාඩි 10කින් යන්න පුළුවන්. දැන් අපිට අලංකාර නගරයක් තියෙනවා. නවීන නගරයක් තියෙනවා. වෙන කවුරු කිව්වත් කොළඹ හැදුවා කියලා, කොළඹ හැදුවේ මේ චම්පික රණවක ඇමතිතුමයි අනිත් ආයතනයි එකතුවෙලා. අපිට ඕන කොළඹ නගරය දකුණු ආසියාවේ ලස්සනම නගරය කරන්න. කොළඹ මහනගරයක් කිරීමේ සංකල්පය මුලින්ම ඉදිරිපත් කළේ අපි. වෙන කාටවත් ඒක කරන්න බෑ. අපි උත්සාහ කරන්නේ විශාල ආයෝජන මෙරටට ලබා ගෙන අපනයන ආදායම වැඩි කරන්න. අපි දියුණු රටක් වෙනවා නම් අපිට හැමදාමත් ණයට ගන්න බෑ. හිගාකන්න බෑ. ආත්ම ගෞරවයක් ඇතිව අපි ඉදිරියට යන්න ඕන. " යැයි ද පැවසීය.
කොළඹ මහාමාර්ග තදබදයට විසඳුමක් ලෙස ජල මාර්ග හරහා මගීන් ප්‍රවාහනය කිරීම මූලික කරගනිමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ. රුපියල් මිලියන 100ක ආයෝජනයකින් යුතු මෙම ව්‍යාපෘතියට වායු සමනය කරන ලද ආසන 50කින් සමන්විත මගී ප්‍රවාහන බෝට්ටු 2ක් ඇතුළත්ය. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කළ මෙම සේවාව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථාව මගින් පවත්වා ගෙන යනු ලබයි. මෙම ප්‍රවාහන සේවය මුල් කාල සීමාවේදි නොමිලේ ක්‍රියාත්මක කිරීමට නියමිතය. ශ්‍රී ලංකා නාවික හමුදාව හා ඒකාබද්ධව සිදුකරන මෙම සේවාවේ දී නාවික ගමනකදි පිළිපැදිය යුතු සියලු ආරක්ෂක විධිවිධාන අනුගමනය කරනු ඇත.
ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු
popular news
Purawasiya Thursday, 22 August 2019 02:51 PM
මොනවා කියනවද! ඇත්ත මේ වගේ මහා බැංකුව සුද්ධ කරන්ඩ පහුගිය අවුරුදු 60 ම හිටපු කිසිම නායකයොන්ට බැරිඋනා!
Reply : 0 10
nuwan Thursday, 22 August 2019 06:12 PM
මහා banku හොර කාව .
Reply : 0 11
Kumar Thursday, 22 August 2019 09:58 PM
අගමැතිතුමාත් ජන්ධිපතිම වගේ කොළඹ වැඩිය සරිරන්නේ නැතිව ඇති වසරකට කලින් ලංකාවට පැමිණි අවස්ථාවේ කොළඹ කියන තරම් ලස්සනක් තිබුනෙ නැහැ. කොටුවේ කාර්ගිල්ස් සප්ප්පුව පත්තෙ සෙනග හිගයි. ලක්සල අන්තිමටම වැටිලා.
Reply : 0 7
manel Friday, 23 August 2019 05:04 AM
ඇත්ත නේන්නම්! අවුරුදු 60 නෙවි මුළු ඉතිහාසේටම නොකළ බැංකු හොරකම, පිටරැටියන්ට වරාය විකිණීම වැනි දේවල් කලේ ඔබතුම නේද? අයි, මත්තල වී ගබඩා කර, වී අතිරික්තය කළමනාකරණය කලෙත් ඔබතුමා නේද? අයි මීතොටමුල්ල කුනුකන්ද අයින් කලෙත් ඔබතුමා.
Reply : 0 0
janahitha Sunday, 25 August 2019 11:54 PM
ඔබ හරි මත්තල වී ගබඩා කලේ කාර්ගෝ පර්යන්තයේ මෙය මෙහෙයුම් අංශයට සම්බන්ද කිරීමට පරිගණක ජලයට සම්බන්ද කර ඇත්තේ නවීන තාක්ෂණික කේබල් පද්දතියක් තුලින් ෆයිබර් ඔප්ටික් තාක්ෂණයෙන් වී දැමීම තුලින් හානි වී ඇති සැටි පුවත් වලින් දැක අප කණගාටු උන මේ aparadaya kala anuvana pirisa ජීවිතාන්තය දක්වා සිර දඬුවම් දිය යුතුය
Reply : 0 0
janahitha Friday, 23 August 2019 11:35 AM
ammapa aththa maha bankuva habak kola nova
Reply : 0 0
kumara Friday, 23 August 2019 01:15 PM
මහා බැංකු කොල්ලය නම් හොඳට කල
Reply : 0 0
kapila Tuesday, 27 August 2019 01:47 PM
අගමැතිතුමා කියන දේ හරියටම හරි. පසුගිය වසර 60 තුල හමුදාපති පත් කරනකොට කිසිම රටක් විරුද්ධ උනේ නෑ. දැන් ඇමරිකාව අත දානවා. මේ දක්වා වරායක් වික්කේ නෑ. දැන් විකුණලා. ඉස්ලාම් අන්තවාදීන් බෝම්බ ගැහුවේ නේ. දැන් ගහනවා. රටේ වත්කම් වගේ අට ගුණයක් ණයයි. ඉස්සර එහෙම උනේ නෑ. රටේ ආර්ථිකය හොඳ වෙනකොට සමුර්ධි ලාභීන් අඩු වියයුතුයි. ළඟදී 600000 කින් වැඩි උනා. අගමැතිතුමා කියන්නේ ඇත්තම තමා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd