ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි වයස අවුරුදු 13 ක දැරියක් නීත්‍යානූකූල භාරකත්වයෙන් අපහරණයට ලක් කිරීමක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට ලැබුණු පැමිණිල්ලකට අනුව හිමිනමක් සහ තවත් සැකකාර පුද්ගලයන් 03 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ව දින 14 කට රක්ෂිත බන්ධනාගාර ගතකර කර තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, රාජගිරිය ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක් (අවු. 39) සහ තවත් සැකකාර පුද්ගලයන් 03 දෙනෙක් වන අතර ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකකරුවන් විසින් බාලවයස්කාර දැරියව දණ්ඩ නිතී සංග්‍රහයේ 352 වගන්තිය අනුව නීත්‍යානූකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීම යන අපරාධය යටතේය.