ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි වයස අවුරුදු 11 ක දැරියක් බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීමක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට ලැබුණූ පැමිණිල්ලකට අනුව සැකකාර පුද්ගලයකු 2021.07.29 වන දින අත්අඩංගුවට ගෙන කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2021.08.12 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.
මෙම දැරිය මව, පියා සහ නංගී සමඟ සිටින අතර, දැරියගේ මව සහ පියා යන දෙදෙනාම රැකියාවල් සඳහා නිවසින් බැහැරව යන බැවින්, එම කාලය තුළ දැරිය (අවු.11) සහ ඇගේ සොහොයුරිය (අවු.05) රැකබලා ගැනීම සිදු කරන ලද්දේ දැරියගේ ආච්චී (මවගේ මව) විසිනි. දැරියගේ ලොකු අම්මාට (දැරියගේ මවගේ වැඩිමල් සහෝදරිය) ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් 2021.06.10 දින දැරියගේ ආච්චි ලොකු අම්මාව බලාගැනීම සඳහා පිටත්ව ඇත. 2021.06.15 වන දින මෙම දැරියන් දෙදෙනාව බලාගැනීම සඳහා මෙම දැරියගේ මව විසින් තම පියා නිවසට ගෙන්වා ඇත. දැරියගේ දෙමාපියන් රැකියාවට ගිය පසු මෙම පුද්ගලයා දැරියව බරපතල ලිංගික අපයෝජනයට ලක්කර ඇත. දැරිය මෙම සිදුවීම් මවට පැවසීමට අපහසු බැවින් සීයා විසින් සිදුකල අපයෝජනය කොල කැබැල්ලක ලියා මවට පෙනෙන සේ තැබීමට කටයුතු කර ඇත. 2021.07.10 දින දැරියගේ මව විසින් එම කොළ කැබැල්ල දැක තම පියාගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහු එම දැරියව අපයෝජනය කළ බව පිළිගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගන්නා ලද්දේ වයස අවු. 62 ක සැකකාර පුද්ගලයෙක් වන අතර, ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ බාලවයස්කාර දැරියට, දණ්ඩ නිතී සංග්‍රහයේ 363 ස්ත්‍රී දුෂණය, 365 (ආ) බරපතල ලිංගික අපයෝජනය සහ 364 (අ) ව්‍යභිචාරය යන අපරාධ සිදු කිරීම යටතේය.
තම දියණියන් ආරක්ෂා කරගැනීම ස්වභාවික භාරකරුවන් ලෙස මව්පියන්ට පැවරෙන අතර එහිදී වගකීමෙන් කටයුතු කිරීම සිදුකළ යුතු බවත්, ළමයින් ආරක්ෂා කිරිමේදී පවුලේ ඥාතීන්ද ඉතා වගකීමෙන් කටයුතු කිරීමෙන් මෙවන් අපයෝජනයන්ගෙන් ළමයින් ආරක්ෂා කරගත හැකි බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා දන්වා සිටී.
අපයෝජනයට පත් මෙම දැරිය තමාගේ ගැටලුව කොළයක ලියා මවට පෙනෙන සේ තැබීම නිසා මෙම අපරාධය අනාවරණය කරගැනීමට හැකිවූ බවත් මෙවැනි නුවණැති දැරියන් මුලු මහත් ළමා පරපුරටම ආදර්ශයක් බව පැහැදිලි කරන සභාපති වරයා මෙයින් උගතහැකි පාඩම් රැසක් පවතින බව සඳහන් කරයි.