පුරාවිද්‍යාත්මක කැණීම්වලින් හමුවී ඇති ශිලා ආයුධ ඇතුළු පුරාතන අවි ආයුධ, පාරම්පරිකව භාවිත කරන ලද දැනට අභාවයට යමින් පවතින අවි ආයුධ හා නවීන අවි ආයුධ එක්රැස්කර සංරක්ෂණය කිරීම, නඩත්තු කිරීම හා ආරක්ෂා කිරීම සඳහා කෞතුකාගාරයක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලබාදි තිබේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර දැනට කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වඩාත් යෝග්‍ය කෞතුකාගාරයක් තුළ අවි ආයුධ සංරක්ෂණය කිරීම සඳහා වෙනම ඒකකයක් ස්ථාපිත කිරීමට නියමිතය