ගාල්ල දිස්ත්‍රික්කය තුළ තවත් නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවිම සදහා අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඒ සදහා වක්වැල්ල කළමණාකරන පුහුණු මධ්‍යස්ථානය හා හබරාදුව නිවාස සංකිර්ණ යොදාගැනිමට සැලසුම් කොට ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.
අද (23) දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්විමකදි මේ පිළිබද සාකච්ඡා වු බවද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.
දැනට බුස්ස පිටිවැල්ල නාවික කදවුරේ නිරෝධායන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන අතර එහි 22 දෙනෙකු මේ වනවිට නිරෝධායනයට ලක්වෙමින් සිටිති. මෙහි 136 දෙනෙකු නිරෝධායනයට ලක් කිරිම සදහා අවශ්‍ය පහසුකම් පවති.
ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා මෙසේද පැවසීය ,
වක්වැල්ල කළමණාකරන මධ්‍යස්ථානය හා හබරාදුව නිවාස සංකිර්ණය අවශ්‍යතාවයක් ඇතිවුවහොත් පමණක් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදාගැනිමට සැලසුම් කරලා තියෙන්නේ. මෙම සාකච්ඡාවේ දි වැඩි වශයෙන් කථාබහට ලක්වුණේ අත්‍යවශ්‍ය ආහාර බෙදා දිම පිළිබදව. ඇඳිරි නිතිය කාලය තුළ අත්‍යවශ්‍ය ආහාර පාර්සල් නිවසටම ගොස් බෙදාහැරිම සදහා ප්‍රාදේශිය ලේකම්වරයා මගින් වෙළදසැල් හිමියන්ට බලපත්‍ර ලබා දෙන්න තින්දු කළා. පුද්ගලික ලොරි රථ මගින් දඹුල්ලෙන් එළවළු ගෙන්විමට කටයුතු කරලා තියෙනවා. ග්රැම් 250,500 ආදි වශයෙන් එළවළු පාර්සල් කොට වෙළදසැල් හිමියන් සතොස හා සමුපාකාර මගින් බෙදාහැරිමට අද දිනය තුල කටයුතු කරලා තියෙනවා. හෙට හා අනින්දා දින තුළත් මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.