රාජ්‍ය හා පෞද්ගලික ආයතන සදහා අද රජයේ හා පෞද්ගලික නිවාඩු දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මගින් චක්‍රලේඛයක් නිකුත් කර තිබියදී එය සැලකිල්ලට නොගනිමින් මහියංගණ නගරයට ආසන්නයේ ප්‍රධාන ඇගලුම් ආයතනයක් තම සේවක සේවිකාවන් 350කට අධික පිරිසක් උදැසන 7.30 සිට සේවය සදහා කැදවා සේවයේ යොදවා ගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
මේ පිළිබඳව ප්‍රදේශයේ වගකිවයුතු රාජ්‍ය නිලධාරින් වෙත ලැබීමෙන් පසු ඒ පිළිබද සොයා බැලීමට ඔවුන් කටයුතු කරනු ලැබීය.
ඒ අනව මහියංගණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක චාමින්ද බංඩාර රත්නායක මහතා ඇතුලු නිලධාරින්, මහියංගණ ප්‍රාදේශිය ලේකම් සංජය ප්‍රසාද් මහතා, මහියංගණ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඒස් ජේ ඒ ආර් එල් සේනාධිර මහතා මැදිහත්ව ඇගලුම් ආයතනයේ පාලනාධිකාරිය සමග සාකච්ඡා කර කොරෝනා රෝග ව්‍යාප්තියේ බරපතළකම පහදා දී හැකි ඉක්මනින් සේවකයන් නිවෙස් කරා යොමු කරවන ලෙස අවවාද කර ඇත.
එය සැලකිල්ලට ගනිමින් ඇගලුම් ආයතනයේ කළමනාකාරිත්වය උදැසන 10.15 ට පමණ, බස් රථ කැඳවා සේවයට පැමිණ සිටි සේවක සේවිකාවන් සියල්ල නිවෙස් කරා යොමු කරවීමට කටයුතු කරනු ලැබීය.