වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් ලක්ෂයකට අධික පිරිසක් කොවිඩ් මර්දන එන්නත් ලබා ගෙන නොමැති බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසා සිිටියි.
එන්නත්කරණයට යොමු නොවූ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් 21, 000 කට අධික පිරිසක් වාර්තා වන්නේ යාපනය දිස්ත්‍රික්කයෙන් ය.
කොළඹ දිස්ත්‍රික්කයේ අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් 3900 ක් , මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 7000 කට අධික පිරිසක් කොවිඩ් මර්දන එන්නත ලබාගෙන නොමැති බව සඳහන් වෙයි.
අම්පාර සහ පුත්තලම දිස්ත්‍රික්කවල වයස අවුරුදු 60 වැඩි සියලු දෙනා කොරෝනා මර්දන එන්නත් ලබා ගෙන ඇතැයි ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර සිටියි.