“සමහර අය අවුරුදු 20 ක් තිස්සේ නොකරපු දේ අවුරුදු 3 න් අපෙන් බලාපොරොත්තු වෙනවා.මම අභියෝග කරනවා 94 ඉදලා 2014 දක්වා නොකළ වැඩ කොටසක් මේ අවරුදු තුන තුළ අපි මේ රත්නපුර දිස්ත්‍රික්කයේ කරලා තියෙනවා කියලා.” යැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ පවසයි.
ඉඩම් ඔප්පු දස ලක්ෂයක් බෙදාදීමේ ජාතික වැඩ සටහන යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඩම් ඔප්පු ප්රදානය කිරීමේ උත්සවයට රත්නපුර සීවලී ක්‍රිඩාංගණයේදි එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළාය.
"සමහර අය අවුරුදු 20 ක් තිස්සේ නොකරපු දේ අවුරුදු 3 න් අපෙන් බලාපොරොත්තු වෙනවා .නීතියක් නැති රටක් දුෂිත රටක් අහිංසක මිනිස්සුන්ට දෙන්ඩ තියෙන දේවල් නාස්ති කරපු රටක් වංචාවෙන් පුදුම විදිහට ඉහ වහා ගිය රටක් හැටියට තිබු මේ රට වෙනස් කරන්නට අපිට සෑහෙන කාලයක් ගියා.
අද ගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අගමැතිතුමාගේ මැදිහත්වීමෙන් රටේ වැඩ කටයුතු කරන කොට නොයෙකුත් විදිහේ අපට චෝදනා කරනවා.මොකද මේවාට පෝස්ටර් කටවුට් බැනර් නැති නිසා.
අද ජනාධිපතිතුමායි අගමැතිතුමායි නායකත්වය දෙන මේ රටේ යහපාලනය තුළ මාධ්‍ය නිදහස රාජ්‍ය සේවයේ නිදහස ප්රජාතන්ත්රවාදය ස්වාධීන පොලිස් සේවය මැතිවරණ නිදහස මේ හැම එකක් ම ඇති කළා.සමහර අයට අමතක වෙලා තියෙනවා 2015 ජනවාරී 08 වැනිදාට පෙර මේ රට තිබුණේ කොහොම ද කියලා. අපි රජයක් ලෙස කැප වෙලා ඉන්නවා වර ප්‍රසාද නොලත් අයට ඒවා ලබා දෙන්න අපි අවුරුදු තුනක් තිස්සේ මේ රට වෙනස් කළා.
බෞද්ධකම ගැන ලොකු කැක්කුමකින් කථා කරන අයට මම කියනවා බෞද්ධකම ආරක්ෂා කර ගෙන බෞද්ධ ප්‍රතිපත්ති වල ජීවත් වන රාජ්‍ය නායකයෙක් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ඉන්නවා .රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ඉන්නවා. රජයේ වැඩ කටයුතු කරන කොට මර බියෙන් ජීවත් වෙන්නට එහෙමත් නැත්නම් සුදු වෑන් සංස්කෘතියේ ජීවත් වෙන්නට, රජයේ නිලධාරීන්ට දෙකට තැනට නැවිලා ජීවත් වෙන්න තිබුණු යුගය අපි අවසන් කළා”