වැඩිවන ජීවන වියදම සළකමින් සේවකයෙකුගේ අවම මාසික වැටුප රුපියල් 10000 සිට රුපියල් 12500ක් දක්වාත්, අවම දෛනික වැටුප රුපියල් 400 සිට රුපියල් 500 දක්වාත් ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලය මීට පෙර අනුමැතිය දි තිබුණි.
එම වැටුප් වැඩිකිරීමට අදාළව 2016 අංක 03 දරණ සේවකයන්ගේ අවම වේතනය පනතේ 03 වගන්තිය සංශෝධනය කරමින් නීති කෙටුම්පත් සම්පාදක සකස් කළ කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, අනතුරුව පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරිමටත් කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන කම්කරු හා වෘත්තීය සමිත සබඳතා ඇමතිවරයාගේ ඉල්ලීම පරිදි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.