රටේ සංවර්ධන කි‍්‍රයාවලිය උදෙසා අභියෝග මධ්‍යයේ අවංකව කැපවන රාජ්‍ය නිලධාරින් සහ වෘත්තිකයන් ජාතියේ ගෞරවයට ලක්විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මොරගහකන්ද , කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතිය ජාතියට දායාද කිරිමට කැපවූවන් අගයමින් අද (08) පෙරවරුවේ මොරගහකන්ද ජලාශ පරිශ්‍රයේ පැවති ,ප්රශස්ත සේවා ඇගයුම්, උළෙල අමතමිනි.
මෙරට දැවැන්තම වාරි ව්‍යාපෘතියක් වූ මොරගහකන්ද , කළු ගඟ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජාතියට දායාද කිරීමට දැනුමෙන්, ශ්‍රමයෙන් හා අප්‍රතිහත ධෛර්යෙන් නිසි දායකත්වය උපරිමයෙන් ලබා දුන් 400 දෙනෙකු අගයමින් සම්මාන පිළිගැන්වීම මෙහිදී සිදු කෙරිණි.
ව්‍යාපෘතියේ ඉදිකිරීම් සිදුකරන සිනෝහයිඩ්‍රෝ චීන සමාගමේ ඉංජිනේරුවන් ඇතුළු ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන් මෙන්ම ව්‍යෘපෘති අධ්යක්ෂ ඞී.බී. විජේරත්න මහතා ඇතුළු නිලධාරින් අගයමින් සම්මාන පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් කියාසිටියේ මෙරට ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට සහ ස්වාධීන සහ නිදහස් රටක් ලෙස ඉදිරියට යාමට මහවැලිය මගින් ලැබුණු යෝධ ශක්තිය කිසිවෙකුට අමතක කළ නොහැකි බවයි.
මෙරට නව වාරි ශිෂ්ටාචාරයක පසුබිම සැකසු මහවැලි ව්‍යාපාරයේ අවසන් අදියර වූ මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය යථාර්ථයක් කිරීමේ සිහිනය සැබෑ කිරීමට ලැබීම පිළිබඳ මෙහිදී සතුට පළ කළ ජනාධිපතිතුමා මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් කැපවූ ප්‍රධාන ඉංජිනේරුවාගේ සිට අවසන් කම්කරුවා දක්වා සියලූදෙනාට තම ගෞරවය පිරිනමන බවද සඳහන් කළේය.
රජරට ගොවි ජනතාවගේ දීර්ඝකාලීන සිහිනයක් සැබෑ කරමින් දශක හතරකට පසු මෙරට ඉදිවු විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය මේ වනවිට රටේ ජාතික ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් ලබාදෙමින් තිබේ. පරාක්‍රම සමුද්‍රය මෙන් හය ගුණයක් විශාල එනම් අක්කර අඩි 660,000ක ධාරිතාවකින් යුත් ජලාශ 02කින් සමන්විත මොරගහකන්ද , කළු ගඟ බහුකාර්ය ව්‍යාපෘතිය යටතේ උතුරු මහ ඇළ, වයඹ ඇළ, මිණිපේ ඇළ, ව්‍යාපෘති ඇතුළු වාරි ව්‍යාපෘති රැසක් කි‍්‍රයාත්මක වන අතර වයඹ, උතුරු මැද, මධ්‍යම හා නැගෙනහිර පළාත්වල විශාල ගොවි ජනතාවකට එමඟින් ප්රතිලාභ හිමිවනවා මෙන්ම පානීය ජල අවශ්‍යතා ද සම්පූර්ණ කෙරේ.
මොරගහකන්ද , කළු ගඟ ව්‍යාපෘතියෙන් මෙගාවොට් 25 ක විදුලිබල ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙන අතර එමඟින් වාර්ෂික ආදායම් ඉලක්කය රුපියල් මිලියන 1,545කි. පසුගිය වසරේ රුපියල් මිලියන 1,100කට වැඩි ආදායමක් එමඟින් ලබාදී තිබේ.
රාජ්‍ය අමාත්‍ය රංජිත් අලූවිහාරේ, පා.ම ලක්ෂ්මන් වසන්ත පෙරේරා, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මහවැලි අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඞී.එම්.එස්. දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
කෂිනි හපුආරච්චි