නීතිවිරෝධි ලෙස වනඅලි ළඟ තබා ගැනිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි නිරංජන් රෝෂාන් අලීස් නොහොත් අලි රෝෂාන් ඇතුළු සත්දෙනා අද (7) නිදහස් කිරිමට ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය අද නියම කළේය.
අධිකරණයට චෝදනා ගොනු කිරිමට එරෙහිව විත්තිකරුවන්ගේ මුලික විරෝධතා පිළිගැනිමෙන් අනතුරුව මෙම නියෝගය දි ඇත.
නීතිවිරෝධි ලෙස වනඅලි ළඟ තබා ගැනිමට එරෙහිව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් 2018.සැප්තැම්බර් 7 වන දින මොවුහු අත්අඩංගුවට ගෙන ඇත.