Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
අයි.එස්.අයි.එස්. සංවිධානයේ නායක අබු බකර් අල් බග්දාදිගේ යැයි පැවැසෙන වීඩියෝවක් සම්බන්ධයෙන් මේ වන විට අවධානය යොමුව තිබේ. එම ප්‍රකාශය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද විශේෂ ප්‍රකාශයක් කරමින් අදහස් දැක්විය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2019 අප්‍රේල් 30 වන දා
කළ විශේෂ ප්‍රකාශය
“ඊයේ අයිඑස්අයිඑස් නායක අබු බකර් අල් බග්දාදි වසර 4කට පසුව වීඩියෝවක පෙනී සිටිමින් ප්‍රකාශයක් නිකුත් කළා. මේ ප්‍රකාශය පිළිබඳව විදේශ බුද්ධිඅංශ තවදුරටත් පරීක්ෂණ පවත්වනවා.
එහිදී ඔහු සඳහන් කළේ ඔවුන් සතුව තිබූ අවසන් බලප්‍රදේශය වූ සිරියාවේ බග්ගුස් නගරය කුර්දි ප්රමුඛ මිත්‍ර හමුදා අල්ලා ගැනීමට පළිගැනීමක් ලෙස මේ ප්‍රහාරය එල්ල කළ බවයි. ශ්‍රී ලංකාවේ කිතුනුවන්ට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බවද අල් බග්දාදි කිව්වා.
ඔහු ප්‍රකාශ කළ තවත් කරුණක් වූයේ ලැබෙන ඕනෑම අවස්ථාවක ලෝකයේ ඕනෑම රටකට ප්‍රහාර එල්ල කිරීමට තමන් සූදානමින් සිටින බවයි. මෙය මුළු ලෝකයටම අනතුරුදායක ප්‍රකාශයක්. ඒ නිසා අපි අපේ රටේ ආරක්ෂක විධිවිධාන තර කළ යුතුයි.
පාස්කු ඉරිදා මේ ප්‍රහාරය සිදුවූ සැණින් අප මේ සම්බන්ධ කඩිනම් පියවර ගත්තා. සිදු වූ අඩුපාඩු ගැන වාද විවාද කරමින් හිඳීම වෙනුවට මම අනුගමනය කළේ තත්වය සමනය කොට රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමුඛත්වය ලබා දීම සඳහා පියවර ගැනීමටයි.
ඒ අනුව මේ වන විට ප්‍රහාරයට ඍජුවම සම්බන්ධ බොහෝ දෙනෙක් නීතියේ රැහැනට කොටු කරගන්නට ආරක්ෂක අංශ සමත් වී තියෙනවා. ඉදිරි ප්රහාරයන් සඳහා යොදා ගැනීමට බලාපොරොත්තුවුණු පුපුරන ද්‍රව්‍ය හා වෙනත් උපකරණ රාශියකුත් සොයා ගැනීමට හැකි වුණා.
තවත් තොරතුරු රාශියක් අනාවරණය වී තිබෙනවා. නමුත් ඒවා මේ අවස්ථාවේ ප්‍රසිද්ධියේ හෙළිදරව් කිරීම සුදුසු නැහැ. අපට ඉතා කෙටි කලක් තුළ මේ සියල්ල කළ හැකි වුණේ අපේ බුද්ධි අංශ සහ ආරක්ෂක හමුදා දැක්වූ නිපුණත්වය නිසායි.
අපේ බුද්ධි අංශවල දස දහසකට වැඩි දෙනෙක් ක්‍රියාත්මක වෙනවා. ආරක්ෂක හමුදාවල ලක්ෂයකට අධික පිරිසක්. මේ සියල්ල සිය කටයුතු නිසි පරිදි සිදු කරනවා. ඒ නිසා අපි ළඟදීම මෙයට සම්බන්ධ ඉතිරි කීප දෙනාත් අල්ලා ගන්නවා.
නමුත් ඒ සියල්ල අල්ලා ගත්තත් අනතුර පහව යන්නේ නෑ. අල් බග්දාදිගේ ප්‍රකාශය අනුව ඔවුන් කුමනාකාර පසුබෑමකට ලක්වුණත් ඉදිරියටත් ලෝකයේ තැන තැන මෙවැනි ප්‍රහාර සැලසුම් කරන බව පෙනී යනවා.
මෙහිදී කළ යුත්තේ මුළු ලොවම එකක් හැටියට මේ ජිහාඩ් ත්රස්තවාදයට මුහුණ දීමයි. ඒ නිසා ත්රස්තවාදයට විරුද්ධ සියළු රටවල් සමග සහයෝගයෙන් ඉදිරි වැඩ කටයුතු කරන්නට අප බලපොරොත්තු වෙනවා. බුද්ධි තොරතුරු හා විශේෂඥ දැනුම බෙදා හදා ගන්න අප බලාපොරොත්තු වෙනවා.
ඒ විතරක් මදි. රටක් හැටියට මේ අවස්ථාවේ අපි එකට එක්ව කටයුතු කළ යුතුයි. අපේ ආරක්ෂාව දේශීය හා විදේශීය යන සියළු පාර්ශවයන්ගෙන් ශක්තිමත් කරගත යුතුයි. කිසි විටෙක ආරක්ෂක හිදැස් ඇති නොවීමට වග බලා ගත යුතුයි.
බොර දියේ මාළු බාමින්, මේ අසීරු අවස්ථාවේ තම තමන්ගේ දේශපාලන ව්‍යාපාර වල යෙදෙන ව්‍යාජ දේශප්‍රේමීන් හා ඔවුන්ට සම්බන්ධ ජනමාධ්‍ය පිළිබඳවත් අපි අවධානයෙන් සිටිය යුතුයි.
මේ අයට අවශ්‍යව ඇත්තේ වෙසක් දිනයට කලින් මේ රටේ ආගමික ගැටුමක් ඇති කරන්නයි. වෙසක් උත්සවය කඩාකප්පල් කරන්නයි. ඔවුන් ඒ සඳහා පසුබිම සකස් කරමින් සිටින බව මම වගකීමෙන් කියනවා.
පසුගියදා කැබිනට් රැස්වීමේදී මම නිකාබ් ඇඳුම් තහනමට විරුද්ධ වුණා කියා සමහර ජනමාධ්‍ය විශාල ඝෝෂාවක් කළේත් ඒ සැලැස්මට අනුවයි. ඇත්ත වශයෙන්ම මුස්ලිම් ආගමික නායකයන් කළ මේ යෝජනාවට මුළු කැබිනට් මණ්ඩලයම එකඟවුණා. නමුත් ජනමාධ්‍ය කළ මේ බොරු ප්රචාරයට අපේ සමහර ගිහියන් පමණක් නොව ආගමික නායකයිනුත් රැවටුණා.
එයින්ම පැහැදිලි වෙනවා මෙවැනි අවස්ථාවක ජනමාධ්‍ය වගකීමෙන් තොරව කටයුතු කිරීමේ පල විපාක. වෙසක් දිනයේ වටිනාකම නොදන්නා, වෙසක් උත්සවය කඩාකප්පල් කිරීමට සැරසෙන මෙවැනි ජනමාධ්‍ය අදහන්නේ කුමන ධර්මයක් දැයි මට හිතාගන්නට අමාරුයි.
මෙය සාමාන්‍ය අවස්ථාවක් නෙවෙයි. ගෝලීය ත්රස්තවාදයට අප ගොදුරු වූ අවස්ථාවක්. ඉදිරියටත් ගෝලීය ත්රස්තවාදයේ අනතුරට මුහුණ පෑමෙන් වැළකීමට අප සූදානම් විය යුතු අවස්ථාවක්.
එවන් අවස්ථාවක ආගමික ගැටුම් හා වාර්ගික ගැටුම් ඇතිකරලීම සඳහා බොරු ප්‍රචාර පතුරවන පුද්ගලයන් හා ජනමාධ්‍ය පිළිබඳව දැඩි පියවර ගැනීමට අපට සිදුවෙනවා.
මේ අවස්ථාවේ මම ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නේ විවිධ මාධ්‍ය ඔස්සේ කණට ඇසෙන දේ, ඇසට පෙනෙන දේ අමු අමුවේ විශ්වාස නොකර ඒ සියල්ල පිළිබඳව නුවණින් විමසා බලන ලෙසයි.
ඉදිරියේ බෞද්ධ අපි ඉතා ඉහළින් සමරන වෙසක් දිනය එළැඹෙනවා. වෙසක් දිනය කල් දමන්නට පුළුවන් එකක් නෙවෙයි. වෙසක් දිනයේ අප දාන, ශීල, භාවනා ආදී වතාවත් සිදු කරනවා.
විහාරාධිපති ස්වාමීන් වහන්සේලා මේ පිළිබඳව තම තමන්ගේ දායක සභා සමග සාකච්ඡා කොට සුදුසු පියවර ගනීවි යැයි මා විශ්වාස කරනවා. ප්‍රදේශයේ ආරක්ෂක අංශ අවශ්‍ය උපදෙස් ලබා දීමට සූදානම්.
මේ අවස්ථාවේ අප සියළු දෙනාම කළ යුත්තේ රට වෙනුවෙන් අත්වැල් බැඳගැනීමයි. රටේ ආරක්ෂාව තහවුරු කිරීමට ආරක්ෂක අංශ වෙත සහයෝගය ලබා දීමයි. මේ ත්‍රස්තවාදය පරාජය කළ හැක්කේ දේශීය හා විදේශීය වශයෙන් අප සියළු දෙනාම එකට එක්ව වගකීමෙන් කටයුතු කිරීමෙන් බව සිහියේ තබා ගැනීමයි.
ඒ නිසා ඒ වගකීම් සිහියේ දරාගෙන අපි සාමාන්‍ය පරිදි එදිනෙදා වැඩකටයුතු ආරම්භ කරමු. විමසිල්ලෙන් ක්‍රියා කරමු. ආරක්ෂක අංශ ඔබේ යහපත වෙනුවෙන් ඇප කැපවී සිටිනවා.
popular news
Champa Tuesday, 30 April 2019 05:55 PM
මෙතන ඇති ගෝලීය ත්රස්තවාදයක් නැහැ. අනිත් ඒක AL-BAGDADI ගේ කතාවේ authenticity ගැන හොයලත් නැහැ. IS ත්රස්තවාදීන් රටවල් 29 කට ප්‍රහාර එල්ල කරලා තියෙනවා. හැබැයි කවදාවත් මේ වගේ ප්‍රචාරයක් දුන්නේ නැහැ. ලංකාවේ මෙහෙම් කරන්නේ මේක පිටිපස්සේ ඉන්න ආණ්ඩුව ඇමරිකාව, ඉන්දියාව සහ තවත් පිරිසක්. ගෝලීය ත්‍රස්තවාදය කියලා බොරුවක් කියන්නේ විදේශ හමුදා මේ රටට ගේන්න ඉඩකඩ හදා ගැනීමේ අදහසින්. ඉස එකේ සම්බන්ධයක් තිබ්බ නම් ආණ්ඩුවේ බුද්ධි අංශය මුලින් කිව්වේ නැත්තේ මොකොද? මිනීමරු ආණ්ඩුවට ඕනේ විදිහට වැඩේ දුරදිග ගියපු නැති හින්ද දැන් වෙනත් විදිහටක් ඒක කරන්න යනවා. තව්හීඩ් ජමාත් සංවිධානේ නායකයා මැරිලා ඉවරයි. ඒ සංවිධානේ තවදුරත් නැහැ. වෙන බෝම්බ පිපිරෙන්න විදිහකුත් නැහැ. දැන් බෝම්බ පුපුරනවා නම් පුපුරන්නේ ආණ්ඩුව. අනිත් ඒක මේ වැඩේට ආණ්ඩුව සම්බන්ධ නිසා තමයි තව්හීත් ජාමාත් සංවිධානෙට රටපුරා බෝම්බ කිහිපයක් පුපුරුවන්න ලැබුනේ. ඕක මුලින් කරන්න හිටියේ අප්‍රේල් 14. දිනේ තෝර ගත්තේ සහ්රන් හෂීම් නෙමෙයි. වහල් ආණ්ඩුව දැනන් හිටියේ නැති එකම දේ තමයි මේක මරාගෙන මැරෙන ප්‍රහාරයක් කියලා. මේක මෙතනින් ඉවරයි. වෙන බෝම්බ පිපිරෙන්න විදිහක් නැහැ
Reply : 17 5
dan Tuesday, 30 April 2019 11:34 PM
මෙයා මේ මුස්ලිම් චන්ද වලට තියෙන පෙරේත කමට කිසිම ඇක්ෂන් එකක් ගන්නේ නැහැ . බොරුවට කල් මරනවා නීති නැහැ කියල. තියෙන නීති හොදටම ප්‍රමාණවත් රටට ආදරේ අවංකව වැඩ කරන කෙනෙකුට. නීති මදිම නම් මෙයා නේද නීති ගෙනල්ල පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න ඕනේ. සියලුම මන්ත්‍රීවරු ඒකට සහයෝගය දේවි. මෙයා හදන්නේ මේ අස්සේ ප්‍රති ත්‍රස්ත පනත සම්මත කර ගන්නයි ගෝලීය ත්‍රස්ත වාදයක් කිය කිය විදේශ හමුදා මේ රටට ගෙන්නා ගන්නය්. එයට පස්සේ රට අස්තවර්ය් කියල ජනදිපතිවරනයි අනික් චන්දය් කල් දාල දිගටම බලයේ ඉන්න හදන්නේ. ගරු කාදිනල් තුමා කිව වගේ මේ දේශ ද්‍රෝහියා හැකි ඉක්මනින් ගෙදර යැවිය යුතුයි.
Reply : 10 0
ranjith Wednesday, 01 May 2019 06:25 AM
එත්තටම දෙන අපිට හිතෙනවා විදායක ජනාධිපති ක්‍රමය තිබුන එක හොදි කියල නෙතිනම් රටේ නීති නේ කියමින් මේක කලමර මර කිසි වෙඩක් කරන්නේ නේ ජනාධිපතිතුමා කඩිනම් තෙන්න්දු තීරණ අරන් තියෙනවා
Reply : 5 0
පී. ඉන්ද්‍රජිත් Wednesday, 01 May 2019 06:47 AM
ගෝලීය ත්‍රස්තවාදය හෝ රටතුළ තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමට ෆේස්බුක් තහනම් කිරීම සුදුසුයි කියා සිතීමට වඩා මේ ඊනියා ජනමාධ්‍ය මගින් කරන ඒකවර අතිවිශාල ජනතාවක් නොමග යැවීම වැළැක්වීමට අගමැති ක්‍රියා නොකළහොත් ඉදිරියේදී ඉතාම භයානක තත්ත්වයක් රටතුළ අැති වෙනු අැත. හිරු, දෙරණ සහ සිරස රූපවාහිනී නාලික මහින්ද රාජපක්ෂ, ගෝඨාබය රාජපක්ෂ බලයට ගෙන ඒ්මේ බලාපොරොත්තුවෙන් රජයට විරුද්ධව ගෙන යන කුමන්ත්රනකාරී වැඩපිළිවෙල දෙස බලමින් බණ කියමින් නොසිට වැරදි තොරතුරු පලකළ සැනින් ඒවා නිවැරදි කිරීමට නියෝග කළ යුතුයි. ඒවැනි වැරදි ඔවුන් සිදුකරන්නේ හිතාමතාම වන බැවින් නිවැරදි කිරීම් නොකරන්නේ නම් ඒවායේ බලපත්‍ර අහෝසි නොකරන්නෙ මන්ද? කැබිනට්ටුවේදී බුර්කාව තහනම් කිරීමට අගමැති සහ මංගල විරුද්ධ වූ බව චායාරූප දමමින් දෙරණ සහ හිරු ප්රවෘත්ති විකාශය කළ අතර ඒය රටේ මිලියන 4-5ක ජනතාවක් ඒකවර නරඹන්නට අැත. ඒවිට ඒ් ජනතා කෝපය අගමැතිවරයාට ඒල්ල වීම වැළැක්විය නොහැකිය. ඒ් බව නොසිතා නිහඩව සිටිම මගින් රජයත් ඒක්සත් ජාතික පක්ෂය පිළිබචදවත් දැඩි ජනතා විරෝධයක් අැතිිවීම වැලැක්විය නොහැකිය. දැන් අැතිවී අැත්තේද ඒවැනි තත්ත්වයකි
Reply : 1 9
Champa Wednesday, 01 May 2019 10:16 AM
මේ comment එකේ මැද තියන එකක් ගැන උත්තරයක් ලියන්න හිතුව. "රජය විරුද්ධව ගෙනියන කුමන්ත්රණකාරී වැඩපිළිවෙල" කියලා තියෙනවා දැකල මට හිනා ගිය. තව කුමන්ත්‍රණ මොකොටද වහල් ආණ්ඩුවට බූමරංගයක් වෙලා ආපිට ආපු බෝම්බ ප්රහාරේම හොඳටම ඇති. මහින්ද කලින් මෛත්‍රී අතින් හඳපානේ අගැමති ධූරය අරන් නොතිබුනා නම් අද මහින්ද තමයි අගැමති. එහෙනම් මුළු රටම පාරට එනවා මහින්දට අගමැතිකම දෙයව් රනිල් වගේ මිනිමරුවෙක් අගැමති කමට එපා කියල. වැඩිය බලාපොරොත්තු තියාගන්න එපා. තාමත් ඒ වගේ දෙකට ඉඩ තියෙනව. අනික බුර්කව් තහනම් කරනවට වහල් ආණ්ඩුව විරුද්ධ තමයි. පස්සේ කරගන්න දෙයක් නැති නිසා නිකම් හිටිය. මුස්ලිම් චන්ද හින්ද අන්තවාදීන්ට අහිංසක මිනිස්සු මරන්න ඉඩ හැරපු මිනීමරු ආණ්ඩුව. කොහොමත් ගෙදර තමයි යන්න හිටියේ. හැබැයි මේකෙන් පස්සේ නැවත පාර්ලිමේන්තු නොඑන්නම ඉඩ තියෙනවා.
Reply : 10 0
පී. ඉන්ද්‍රජිත් Wednesday, 01 May 2019 07:08 AM
යම් සිදුවීමක් සිදුවූ සැනින් සමාජ මාධ්‍යජාලා වසා දැමීම නිසා කටකතා පැතිරීම තවත් වේගවත් වෙනවා. මිනිසුන්ට පුරුදු කළ යුත්තේ සමාජ මාධ්‍ය ජාලා හරහා සත්‍ය දැන ගැනීමයි. ඒමගින් සමහර ඒ්කපාක්ෂික ජනමාධ්‍ය ගෙන යන බොරුවලට නිසි පිලිතුරු ලබාදිය හැකියි. සමාජමාධ්‍ය ජාලා සදහා තමන්ගේ නිලධාරීන් යොදවා සත්‍ය සමාජයට දිය යුතුයි. ඒවිට මිනිසුන් රජය පිළිබදව විශ්වාසය අැතිකර ගනීවි හිස කැක්කුමට පිටිකරට බෙහෙහත් බදිනවා වැනි යමක් සිදුවූ සැනින් සමාජ මාධ්‍ය ජාලා වසා දැමීම රජය කරන විශාල මෝඩ වැඩක්
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd