අලි ඇතුන් දුම්රියේ ගැටීම වළක්වා ගැනීමට මාස දෙකක් තුළ විධිමත් ක්රමවේදයක් හඳුන්වා දෙන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සඳහන් කරයි.
ගෙවී ගිය මාස දෙකක කාලය තුළ පමණක් දුම්රියේ ගැටීම හේතුවෙන් අලින් අට දෙනෙකු මරණයට පත්වී තිබෙන බවද එම සභාවේ සභාපති සිසර කෝදාගොඩ මහතා සඳහන් කළේය.
අලි ඇතුන් දුම්රියේ ගැටීම වළක්වා ගැනීමට ක්රමවේදයන් කිහිපයක් ක්රියාත්මක වුවත් ඒ තුළින් නිසි ලෙස ප්රතිඵල ලැබී නොමැති බවද හෙතෙම මෙහිදී පවසා සිටියේය.