Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
අලි කොටි සීනු රූකඩ ආණ්ඩුවට වැඩි ආයුෂ නොමැති බවත් කකුළුවා නටන්නේ දිය හැළියේ වතුර රත්වන තුරු පමණක් බවත් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
ලැබෙන පළමු පැයේදිම අලි කොටි සීනු දේහද්රෝහී ආණ්ඩුව පලවා හැරීමට විපක්ෂය සූදානම් බවත් මිනුවන්ගොඩ උඩුගම්පොළදී අද පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ ක්‍රියාකාරී රැස්වීමේදී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.
ඉදිරි දේශපාලන තත්වය පැහැදිලි කිරීම සදහා කැඳවා තිබුණු එම රැස්වීමේ දී වැඩිදුරටත් අදහස් දැක්වු ප්‍රසන්න රණතුංග මහතා ,
"අද තමන්ට අවශ්‍ය රූකඩ ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට මේ රටට හතුරු බලවේග වලට හැකියාව ලැබිලා තියෙනවා. රනිල් අගමැති වීම මෙරට බහුතර ජනතාවගේ අපේක්ෂාව නෙමෙයි. මේ රටේ බහුතර ජනතාවට අවශ්‍ය වුයේ මහින්දගේ ආණ්ඩුවක්. හැබැයි රටට හතුරු රට බෙදාගන්න වලිකන බටහිර බලවේගවලටත්, දෙමළ ඩයස්පෝරාවටත් වුවමනා වුණේ තමන්ගෙ පදේට නටන රූකඩ ආණ්ඩුවක් . රනිල් වික්‍රමසිංහ මහතාව අගමැති ධූරයෙන් ජනාධිපතිවරයා ඉවත් කරපුවාම ඔහුව රැකගන්න පෙරමුණට පැමිණි බලවේග අනුව මේ බව වැටහෙනවා. රනිල්ව නැවත අගමැති කිරීමට වැය කළේ බැදුම්කර මංකොල්ලයේ සල්ලි, දෙමළ ඩයස්පෝරාවේ සල්ලි. ඒවාට පින් සිද්ධ වෙන්නයි රනිල් නැවත අගමැතිකම රැක ගත්තේ.
තමන් රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ නොකරන බවට රතු අලි පැටවු අද නැවත අඳෝනා නගන්න පටන් අරන් තියෙනවා. මේ ඊනියා දේශප්‍රේමින්, විප්ලවවාදීන් ලෙස පෙනී සිටින රතු අලි පැටව්න්ට ඕනෙ වුනේ රනිල් හාමුව බලයට ගේන්නයි. ඒත් පසුගිය කාලේ ඔවුන්ගේ හැසිරීම රටේ ජනතාවට හොදටම පැහැදිලි වුණා. අද මේ ආණ්ඩුවට රතු අලි පැටවු හොරෙන් සහය දෙනවා. මේ ආණ්ඩුව අලි, කොටි, සීනු ආණ්ඩුවක් ලෙස මම හඳුන්වන්නේ ඒකයි.
මේ රටේ ජනතාවගේ අපේක්ෂාව මහින්ද රාජපක්ෂ මහතාගේ රජයක්. මහින්දට පමණයි මේ රට වැටී තිබෙන තැනින් නැවත ගොඩ ගත හැක්කේ කියන විශ්වාසය මේ රටේ ජනතාවට තිබෙනවා. නමුත් ඒ ජනතා අපේක්ෂාව රටට එරෙහි සියලු බලවේග එකතුවෙලා නැති කරලා දැම්මා. මේ දේශද්‍රෝහි පරගැති අලි කොටි සීනු ආණ්ඩුවට වැඩි ආයුෂ නෑ. ආණ්ඩුවටත් ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින විජාතික බලවේගවලටත් අපි කියන්න කැමතියි යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
popular news
Nandana Tuesday, 18 December 2018 03:14 PM
බොරුවට පින්බෙන්න එපා ,ඔයාටත් වෙන්නේ අර ගෙම්ම්බට වෙන දේ , ළගදි පාර්ලිමේන්තුවට ඇවිත් ,බොරුවට දගලනවා .
Reply : 1 106
sam Tuesday, 18 December 2018 04:07 PM
සීනු සහයෝග දුන්නොත් එප කියයි
Reply : 0 1
Saththaya Tuesday, 18 December 2018 04:14 PM
ඔබලාට මහජතාවගේ ලේ සුරා බීමට දීර්ගෞශ ලැබේවා !
Reply : 1 8
Rattharan Tuesday, 18 December 2018 04:28 PM
මුන්ට පක්ෂ නම් දේශප්‍රේමීන් ,,,, නොවේ නම් දේශද්‍රෝහින් ,,,, යකාගේ කතාවක් නේ මේක ,,,, තවම ඔබතුමාගේ නඩුත් තවම ඉවර නැහැ නේද ?????? තීන්දුව ලබැනේකොට බලන්න පුළුවන් කවුද දේශද්‍රෝහින් කියල ..... මුන් හිතන් ඉන්නේ මුන් විතරයි රට පාලනය කල යුත්තේ කියලයි ,,,,,
Reply : 1 17
rocky Tuesday, 18 December 2018 07:32 PM
මේ වගේ කපටි ආරක්ෂක ලෝක හොරුන්ගෙන් රටට ජාතියට නිදහස ලැබෙන්නේ කවදා ද දෙවියනි? මේකලා කතා කරන්නේ එල්.ටී.ටී බිල්ලා , ඩයස්පෝරාව, , මහබැංකු වංචාව, රට ජාතිය,බුද්ධාගම ගලවා ගැනීම .. ඕවා ගැන විතරයි. කොටින්ට උල්පන්දම් දුන්නේ කවුද .. යුද්දේ වවාගන කෑවේ කවුද .. හොරම් මැරකම් ජඩකම් මගොඩිකම් කෙරුවේ කවුද කියල අපි දන්නවා. මූත් හිරේ විලංගුවේ හිටිය යුතු තක්කඩියෙක්!
Reply : 0 4
rocky Wednesday, 19 December 2018 06:46 AM
කොහෙද යකෝ, මේ ආණ්ඩුවට `සීනුව` හවුල්වෙලා තියෙන්නේ? ප්යිත්තියන්ද? අර වංචා නඩුව යට ගහගන්න බැරුවට මේ තක්කඩියා පිස්සු දොඩවනවා!
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd