අලව්ව නගරයේ සති පොළේ වෙළෙදුන්ගේ හා කොරෝනා වෙෙරසය ආසාදිත පුද්ගලයින්ගේ ආශ්‍රිතයන්ගේ පසුගිය (09දා) සිදු කළ PCR පරීක්ෂණ වල වාර්තාව අද (11දා) ලැබී ඇති අතර අතර පුද්ගලයින් 27 දෙනෙකුට කොරෝනා වෙෙරසය ආසාදිත වී ඇති බවට තහවුර වී තිබේ.
ඒ අනුව අලව්ව නගරයේ පවතින කොරෝනා වෙෙරසයේ අයහපත් බලපෑම හේතුවෙන් අලව්ව නගරය වසා දැමීමට කටයුතු කරන ලෙස අලව්ව වෙළෙඳ සංගමය කළ ඉල්ලීමකට අනුව අලව්ව නගරය දින තුනක් වසා දැමීමට තීරණය කළ බව අලව්ව මහජන සෞඛ්‍ය පරීක්ෂක පරීපාලන වෙෙද්‍ය නිළධාරී එම්.කේ.එ්.ඛාන් මහතා පැවසීය.
එ් අනුව 12,13,14, යන දින තුනම අලව්ව නගරය වසා දමන බවත් එම දින තුන තුළ අලව්ව සති පොළේ වෙළෙදුන්, අලව්ව නගරයේ වෙළදසැල් හිමියන් හා කොරෝනා වෙෙරසය ආසාදිත පවුල් වල ආශ්රිතයනි PCR පරීක්ෂණය සදහා යොමුවන ලෙසත් එ් මහතා වැඩිදුරත් පැවසීය.
අලව්ව ශ්‍යාමා ධර්මසේන