අලව්ව සෞඛ්‍ය බල ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයින් 44 දෙනෙකු වාර්තා වන බව අලව්ව අතිරේක වෛද්‍ය නිලධාරී ඒ හේරත් මහත්මිය පැවසුවාය.
අලව්ව සතිපොළ වෙළෙඳුන් හා ආසාදිත ආශ්‍රිතයින් 300 කගෙන් පසුගිය 30 වැනිදා සිදුකර පී.සී.ආර් පරීක්ෂණවලින් සතිපොළේ කෝරොනා ආසාදිත වෙළඳුන් ඇතුළු 44 දෙනා අද (05) වැනිදා සවස ලැබුණු පී.සී.ආර් වාර්තාවෙන් මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇත.
මෙම හඳුනා ගත් කොරෝනා ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට යොමු කිරීමටත් ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් හඳුනාගෙන ඉදිරි නිරෝධායනයට කටයුතු කරන බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමිය පැවසීය.
අලව්ව අධිකාරි මුදියන්සේ