නඩු වාර්තාවක පිටපතක් කඩිනමින් ලබාදීම සඳහා පුද්ගලයකුගෙන් රුපියල් 3,000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ හොරණ මහේස්ත්රාත් අධිකරණයේ හිටපු භාෂා පරිවර්තකවරයාට වසර 02ක බරපතළ වැඩ සහිත සිරඳඩුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා, ඔහු අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් 4,000ක මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමටද නියම කළේය.
අධිකරණ කටයුතුවලට සහාය දෙන නිලධාරීන් අල්ලස් ගැනීම කනගාටුදායක තත්ත්වයක් යැයි මහාධිකරණ විනිසුරුවරයා පැවසීය.
සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්ය සේවකයන්ද අල්ලසින් ඈත්කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමසමේ සහකාර අධ්යක්ෂ ගංගා හෙයියන්තුඩුව මහත්මිය කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා, විත්තිකරු අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් 3,000ක මුදල දණ්ඩනයක් වශයෙන් අයකර ගැනීමටද නියම කළ අතර, එම දඩ මුදල හා දණ්ඩන මුදල නොගෙවුව හොත් අමතර වසරක ලිහිල් වැඩ සහිත සිරදඬුවමක්ද විත්තිකරුට නියම කළේය.