රුපියල් 150,000ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් මහනුවර මහ නගර සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 08 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරතිබේ.
ඩිජිටල් නාම පුවරුවක් සවි කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය මහනගර සභාවෙන් කඩිනමින් රැගෙන දීම සඳහා මන්ත්‍රිවරුන් මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බව විමර්ශන වලදි තහවුරු වි ඇත.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ ඇත්තේ කීර්ති බණ්ඩාර රත්නායක හා මුත්තුපිල්ලේ විග්නේෂ්වරන් නැමැති නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනා වන අතර මුදල් ඉල්ලා දිගින් දිගටම සිදුකළ කරදර කිරීම් නිසා තමන් අසනීප වූ බවත් ඒ නිසා පරීක්ෂණ කිහිපයක් සිදුකර ගැනීමට පෞද්ගලික රෝහලට ගොස් සිටි බවත් කී ඒ මහතා එම අවස්ථාවේදී අල්ලස් මුදල ලබා ගැනීමට පැමිණි එක් මන්ත්‍රීවරයෙකු පළාගිය බවද පවසා සිටියේය.
මහනුවර පේරාදෙණිය පාරේ පිහිටි පෞද්ගලික රෝහලක රථගාලේදි මෙම අල්ලස් ගැනීම සිදුකර තිබේ.
කටුගස්තොට පාළම ආසන්නයේ ඩිජිටල් නාම පුවරුවක් ලබා ගැනීම සඳහා අනුමැතිය ලබා ගැනීමට මෙම අල්ලස් මුදල ඉල්ලා සිටි බවත් දිගින් දිගටම සිදුකළ කරදර කිරීම් ඉවසා ගැනීමට නොහැකිව අල්ලස් කොමිසමේ නිලධාරීන්ට පැමිණිලි කළ බවත් ශාහීම් කාදර් මහතා පවසයි.