අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.
යහපාලන රජය බලයට පත්වීමෙන් අනතුරුව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ධුරයට පත් කළ දිල්රුක්ෂි ඩයස් වික්රමසිංහ මහත්මිය එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව 2016 වසරේදී ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ධුරයට පත් කෙරිණි.
ඒ වන විට ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා නීතීපති දෙපාර්තමෙන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ලෙස කටයුතු කළේය.
ඔහු අල්ලස් කොමිසමේ තතත්වය ඉහළ දැමීමට හා අල්ලස් සිද්ධීන් සම්බන්ධ විමර්ශන සඳහා නවීන තාක්ෂණය යොදා ගැනීමට කටයුතු කළේය.
රාජ්ය අංශයේ නිලධාරීන් මෙන්ම අල්ලස් පනත යටතේ ආවරණය නොවු පෞද්ගලික අංශයේ නිලධාරීන්ද අල්ලස් පනත යටතට පත් කිරීම සඳහා එම අංශද ආවරණය වන අන්දමට අල්ලස් නීතීය සංශෝධන කරමින් නීතී කෙටුම්පත් කිරීම සඳහා ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා විශාල මෙහෙවරක් කළේය.
ලංකා ඉතිහාසයේ මෙතෙක් වාර්තා වු විශාලතම අල්ලස වශයෙන් සැළකෙන හිටපු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්රධානියා සහ රාජ්ය දැව සංස්ථාවේ සභාපතිවරයා විසින් කොළඹ ප්රසිද්ධ හෝටලයක රථ ගාලක් තුළදී විදේශිය ආයෝජකයකුගෙන් රුපියල් කෝටි 02 ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේදී අත්අඩංගුවට ගැනීම සිදුවුයේද සරත් ජයමාන්න මහතා අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයා වශයෙන් කටයුතු කළ සමයේදීය.