ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසුවේ, අම්පාර දිස්ත්‍රික්කයේ, පුරාණ බෞද්ධ පූජනීය සිද්ධස්ථානයක් සහ පුරාවිද්‍යා ස්ථානයක් වන දීඝවාපිය ස්ථූපය ප්‍රතිසංස්කරණයකිරීම සඳහා දීඝවාපිය භාර අරමුදලක් පිහිටුවන බවයි.
සද්ධාතිස්ස රජු විසින් ඉදිකරන ලද දීඝවාපිය බෞද්ධ විහාරස්ථානය සහ පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති භූමිය අතීතයේ දී නොසලකා හැර ඇති බවද ඔහු පැවසීය.
“මෙය දේශීය බැතිමතුන්ට පමණක් නොව ලොවපුරා සිටින බෞද්ධයින්ටද හිමිකමක් ඇති පූජනීය ස්ථානයකි.
රජයේ අරමුදල් ප්‍රතිසංස්කරණය සඳහා යොදානොගන්නා අතර ප්‍රතිසංස්කරණ කටයුතු සම්පූර්ණ කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි වෙසෙන බෞද්ධයින් විසින් කරනු ලබන දායකත්වයෙන් අරමුදල් රැස්කරගන්නා බව ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේය.
නැගෙනහිර පළාතේ පුරාවිද්‍යාත්මක ස්ථාන ආරක්ෂා කිරීම, සංරක්ෂණය කිරීම හා ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳ ජනාධිපතිකාර්ය සාධක බලකායේ සභාපතිවරයා වන මේජර් ජෙනරාල් ගුණරත්න ඊයේ (29) අම්පාර දීඝවාපිය රජමහා විහාරය වෙත ගොස් එහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භකිරීම පිළිබඳව සාකච්ඡා කළේය.
අතීතයේ දී දීඝවාපිය ස්ථූපය ප්‍රතිසංස්කරණයකිරීම සඳහා මූලික පියවර කිහිපයක් ගෙන ඇත.
යම් යම් හේතූන් මත ඒවා අඩපණ වීඇති නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් පරිදි රජය විසින් මෙම පුරාණවිහාර භූමිය අලුත්වැඩියා කිරීම වසර තුනකට පෙර සම්පූර්ණ කරන බව ඔහු පැවසීය.
“බෞද්ධ බැතිමතුන්ට වන්දනාමාන කිරීම සඳහා මෙම ස්ථූපයේ ප්‍රතිසංස්කරණ කටයුතු පුරාවිද්‍යාඥයින්ගේ හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ උපදෙස් අනුව වසර දෙක තුනක් ඇතුළත අවසන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා”. ඔහු පැවසුවේය.
ආරක්ෂක ලේකම්වරයාට අනුව සන්නද්ධ හමුදා සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ශ්‍රමය හා ශ්‍රී ලංකා යුද්ධ හමුදාඉංජිනේරුවන්ගේ විශේෂඥ දැනුම ලබා දෙනු ඇත.
පුරාවිද්‍යාඥයින්ගේ හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විශේෂඥයින් විසින් තාක්ෂණික දායකත්වය සහ දැනුම ලබා දෙනුඇත. එබැවින් නැගෙනහිර පළාතේ ප්‍රමුඛතම පුරාවිද්‍යාත්මක ස්ථානයක් වනදීඝවාපිය ස්ථූපයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට අපට හැකි වනුඇතැයි ඔහු පැවසීය.