අලුත්ගම මාර්ග බාධකයක දී සිදුවු සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
මැයි මස 25 වන දින අලුත්ගම පොලිස් වසමේ අඹගහ හන්දිය ඉන්ධන පිරවුම්හල අසල දී සවස 4.45 ට පමණ මෙම සිදුවීම ඇතිව තිබේ.
මෙහිදී මුඛ ආවරණයක් නොමැතිව ගමන් කළ පුද්ගලයෙකු සම්බන්ධයෙන් ඇතිවූ සිද්ධියකට අදාළව මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.