අලුත්ගම පොලිස් වසම තුළ පවුල් ඒකක අසූ එකකට අයත් පුද්ගලයන් තුන්සිය අසූවක් අද(04) දින වන විට එම පුද්ගලයන්ගේ නිවෙස් තුළම නිරෝධායනයට ලක්කර ඇතැයි අලුත්ම පොලිසිය කියයි.
මෙලෙස ස්වයං නිරෝධායනය ට ලක්කර ඇති පිරිස් අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද සිටින අතර පී.සී. ආර් පරීක්ෂණ 256ක් ද සිදු කර තිබෙන අතර අලුත්ගම පොලිස් බල ප්රදේශයෙන් කොරෝනා ආසාදිත පුද්ගලයන් නවදෙනෙකු හමු වීමෙන් පසු ඔවුන් රෝහල්ගත කර ප්රතිකාර සඳහා යොමු කර ඇති බව අලුත්ගම පොලිස් ස්ථානාධිපති අශෝක කරුණාරත්න මහතා පැවසීය.
අලුත්ගම තුසිත කුමාර ද සිල්වා