පුත්තලම අල්කාසිම් නිවාස යෝජනා ක්‍රමයෙන් නිරෝධායනයට යවා තිබු නව හැවිරිදි දැරියක් කොරෝනා ආසාදිතයකු ලෙස සනාථ විමත් සමග අංගොඩ බෝවන රෝගායතනයට යැවු බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන් .සුරේෂ් මහතා පවසයි.
මෙම දැරිය සහ තවත් පිරිසක් මින්නේරිය කටුකෙලියාව යුද හමුදා නිරෝධායන ඒකකයේ ඇගේ මව සමග නිරෝධායනය වෙමින් සිටියදි සිදුකල වෛද්‍ය පරික්ෂණ වලදි කොරෝනා ආසාදිත රෝගයට ගොදුරු වි ඇති බව සනාථ වි තිබුනි.
මෙම දැරිය අල්කාසිම් නිවාස යෝජනා ක්රමයේ හමුවු පළමු කොරෝනා ආසාදිත 62 හැවිරිදි පුද්ගලයා හා තවත් පිරිසක් සමග මන්නාරම තාරා පුරම් අවමගුලකට සහභාගි වු පිරිසෙන් අයකු බව කියයි.
අදාල පළමු ආසාදිතයා පසුගිය 7 දින කොරෝනා බවට සනාථ විමේන් පසු ප්‍රතිකාර සදහා අංගොඩ බෝවන රෝගායතනයට යවා තිබු බව කියයි.
මෙම පළමු ආසාදිතයාගේ වැඩිහමල් පුත්‍රයාද ඊයේ ( 15) දින කොරෝනා ආසාදිතයකු ලෙස සනාථ වි තිබුනී .
මේ අනුව සෞඛ්‍ය අංශ හා බුද්ධි අංශ මෙම ආසාදිත පිරිස් ඇසුරු කල පිරිස් සොයා ගැනිමට කටයුතු කරමින් සිටින බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය .