මඩකලපුව ප්‍රධාන පොලිස් වසමේ මහ නගර සභාව පොදු වෙළද පොළ අසල මුවර් පාරේ පදිංචි වයස් 79 වයෝවෘද්ධ අයෙකු හෘදය ආබාධයෙන් ජිවිතක්ෂයට පත්ව ඇත.
ඔහුට සිදු කරන ලද ඇන්ටජින් පරීක්ෂණයෙන් කොරෝන වෛරසය ආසාදනය වී ඇති බවට සෙනසුරාදා හදුනාගෙනේ
ඉන් අනතුරුව අරසඩි ග්‍රාම සේවා නිලධාරි වසම හුදකලා කර ඇති අතර එම ප්‍රදේශය මුළුමනින්ම වසා දමා ඇති බව දිස්ත්‍රික්ක ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක නාගලිංගම් මයුරන් පැවසිය.
මේ හේතුවෙන් මහා නගර සභා පොදු වෙළද පොළ ,පෞද්ගලිකලික රෝහල ,ආගමික ස්ථාන ඇතුළු මාර්ගවල් හුදකලා කර ඇත.
එම පුද්ගලයා අසනීප හේතුවෙන් ඊයේ රාත්‍රී හෘදය ආබාධයෙන් ජිවිතක්ෂයට පත්ව ඇත. ඉන් අනතුරුව සිදු කරන ලද ඇන්ටජින් පරීක්ෂණයෙන් කොරෝනා ආසාදනය තහවුරුවීමෙන් දේහය රෝහලට ගෙන යාමට මහජන සෞඛ්‍ය සේවකයින් ක්‍රියා කර තිබේ.
එම ප්‍රදේශයේ විෂබිජකරන ඉසීම කටයුතු කර ඇති අතර අවසන ගෞරව දැක්වීමට ගිය පිරිසද නිරෝධානය කර ඇත.
ටි එල් ජ්ව්ෆර්කාන්