උතුරු අරාබි මුහුදේ එක්සත් ජනපද නාවික හමුදා යුද නැව් ආසන්නයෙන් ඉරාන ප්‍රහාරක යාත්‍රා විසින් භයානක සහ හිරිහැරකාරී හැසිරවීම් නැවත නැවතත් සිදුකළ බවට ඇමෙරිකාව චෝදනා කරයි.
එහිදී එක් ඉරාන ප්‍රහාරක යාත්‍රාවක් එක්සත් ජනපද නෞකාවක ගැටී නොගැටෙන යාර 10ක් පමණ සීමාවට පැමිණි බවද ඇමෙරිකාව කියයි.
මෙම සිදුවීමට අදාළ රූපරාමුවල ඉරාන ධජ සහිත ප්‍රහාරක යාත්‍රා කිහිපයක් පෙන්වන අතර, එම යාත්‍රා ඉදිරිපස මිනිසුන් තුවක්කු හසුරුවමින් එක්සත් ජනපද නෞකා ආසන්නයෙන් ගමන් කරන ආකාරය දැකිය හැකි බව කියයි.
එක්සත් ජනපද මධ්‍යම අණදෙන බලමුළුවේ නිවේදනයකට අනුව, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ නාවික යාත්‍රා 11ක් විසින් USS ලුවිස් බී. පෝලර්, USS පෝල් හැමිල්ටන්, USS ෆයර්බොල්ට්, USS සරොක්කෝ, USCGC ව්රැන්ගල් and USCGC මාවු යන නෞකා උතුරු අරාබි ගල්ෆ් ජාත්‍යන්තර මුහුදු තීරයේ එක්සත් ජනපද හමුදාවේ AH-64E අපාචේ ප්‍රහාරක හෙලිකොප්ටර් යානා සමඟ ඒකාබද්ධ යුද අභ්‍යාසයක් සිදුකරමින් සිටින අවස්ථාවේදී මෙම හිරිහැරය සිදුකළ බව කියයි.
ට්‍රම්ප් පාලනාධිකාරිය විසින් ටෙහෙරාන් පාලනයට උපරිම සම්බාධක පනවමින් එරට ව්‍යාපාර වෙත දැඩි පීඩිනයක් එල්ල කර මේ වනවිට වසරකට වැඩි කාලයක් ගත වී ඇති ඇත. එමෙන්ම ඉරානයේ දෙවැනි බලවත්ම නායක ජෙනරාල් කාසෙම් සොලෙයිමනී ඝාතනය කිරීමෙන් පසු ඉරානය සහ එක්සත් ජනපදය අතර ආතතීන් ඉහළ මට්ටමක පැමිණියේය. කෙසේ වෙතත් කොවිඩ්-19 වසංගතය හමුවේ ඉරානයට වෛරසය පාලනයට ඇති අවස්ථාද ඇමෙරිකානු සම්බාධක නිසා අහුරා ඇති බවට ඉරානය දිගින් දිගටම චෝදනා කරන්නේ ඇමෙරිකාව ආර්ථික ත්රස්තවාදයක යෙදෙන බව පවසමිනි.