ශ්රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී මහා පරීමාණ වංචාවක් සිදුකළ බව කියමින් සැකපිට රිමාන්ඞ් භාරයට පත් කොට සිටින පර්පචුවල් ටේරෂරීස් සමාගමේ කළමණාකාර අධක්ෂ අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්රධාන විධායක නිලධාරී කසුන් පළිසේන නමැත්තන් ලබන වසරේ ජනවාරි මස පළමුවැනිදා තෙක් තවදුරටත් රිමාන්ඞ් භාරයට පත් කර ඇත.
කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනවිය ඔවුන් දෙදෙනාගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය එදින ප්රකාශයට පත් කරන බවට දැනුම් දුන්නාය.
බැදුම්කර ගණුදෙනු විමර්ශනය කිරිම සඳහා පත් කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමට විකෘති කළ සීඩී තැටි ලබා දුන් බව කියන සිද්ධියට අදාළව සැකපිට රිමාන්ඞ් භාරයට පත් කළ සැකකරුවන් දෙදෙනාද එදින තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාගර ගත කිරීමටද මහේස්ත්රාත්වරිය වැඩිදුරටත් නියෝග කළාය.