භාණ්ඩාගාර බැඳුම්කර වංචා කරන ලදැයි කියන සිද්ධියට අදාළව තමාට එරෙහිව ඇති චෝදනා පත්‍රය, සාක්ෂි සටහන් සහවරෙන්තුවේ පිටපතක් තමාට ලබාදෙන ලෙස හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරු ජාත්‍යන්තර පොලීසිය හරහා රහස් පොලීසියෙන් විමසීමක් කොට ඇතැයි අතිරේක සොලිසිටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට ඊයේ (23දා) දැනුම් දුන්නාය.
දැනට සිංගප්පූරුවේ සිටිනඅර්ජුන් මහේන්ද්‍රන් මහතා කළ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ගතහැකි පියවර කුමක්දැයි සලකා බලමින් සිටින බවද ජයසුන්දර මහත්මිය වැඩිදුරටත් දැනුම් දුන්නාය.
මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කොට සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහත්වරුන් බන්ධනාගාර නිලධාරීන් විසින් ඊයේ අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රහස් පොලිස් නිලධාරීන්විසින් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී අධිකරණය ඇමතූ මහේස්ත්‍රාත්වරිය මෙම සිද්ධියේ සැකකාර අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කළ වරෙන්තුව සම්බන්ධයෙන් ගන්නා ලද පියවර කුමක්දැයි ප්‍රශ්න කළාය.
ඒ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මියදැනට සිංගප්පූරුවේ සිටින අර්ජුන් මහේන්ද්‍රන් මහතා එරට ජාත්‍යන්තර පොලීසිය හරහා තමන්ට එරෙහිව ඇති චෝදනා පත්‍රය, එම චෝදනා සනාථ කිරීම සඳහා ඇති සාක්ෂි සහ තමන්ට එරෙහිව නිකුත් කොට ඇති වරෙන්තුවේ පිටපතක් ලබාදෙනලෙස රහස් පොලීසියෙන් ඉල්ලීමක් කොට ඇතැයි පැවසුවාය.
මහේස්ත්‍රාත්වරිය - අර්ජුන් මහේන්ද්‍රන් මේ වනවිට කොහෙද ඉන්නේ?
අතිරේක සොලිසිටර් ජෙනරාල්හරිප්රියා ජයසුන්දර මහත්මිය - සිංගප්පූරුවේ ඉන්නවා.
අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරු ජාත්‍යන්තර පොලීසිය හරහා ඉල්ලා ඇති ලේඛන සැකකරුට ලබාදීමට හැකියාවක් ඇත්දැයි මේ වනවිට සලකා බලමින් සිටින්නේ යැයිද ඇය කීවාය.
ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතූ මහේස්ත්‍රාත්වරිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත්කළ වරෙන්තුව සම්බන්ධයෙන් ගන්නා ලද පියවර හා සැකකරු ඉල්ලා ඇති ලේඛන සම්බන්ධයෙන් ගන්නා පියවර ලබන 30 වෙනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස නියම කළාය.
සැකකරුවන් දෙදෙනා ලබන 30 දක්වා තවදුරටත් රිමාන්ඩ් කළ මහේස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළව සිදු කරන පරීක්ෂණවල ප්‍රගතිය එදිනට අධිකරණයට දැනුම් දෙන ලෙස රහස් පොලීසියට නියම කළාය.