පළමු මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ පළමු වන විත්තිකාර හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්රන් උදර්පන නීතිය යටතේ ශ්රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා දෙරටේ නීතිපතිවරුන් අතර තවදුරටත් කරුණු හුවමාරු වෙමින් පවතින බව නීතිපතිවරයා අද (19) බස්නාහිර පළාත්බද පළමු ස්ථිර ත්රි පුද්ගල විනිසුරු මඩුල්ලට දැනුම් දී තිබේ.
නීතිපතිවරයා කියා සිටියේ එම සාකච්ඡා අසාර්ථක වුවහොත් ඔහු නොමැතිව හෝ නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට අපේක්ෂා කරන බවයි.