මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් මහතා අත්ඩංගුවට ගැනීමට කොළඹ විශේෂ ත්රිපුද්ගල මහාධිකරණ 01 වරෙන්තු නිකුත් කළේය.
හිටපු මහ බැංකු අධිපතිවරයා මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව පත්කළ ජනපති කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව ඔහු විදේශ ගතව ඇති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා අධිකරණය හමුවේ සිදුකළ කරුණු පැහැදිලි කිරිමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළේය.