මධ්‍යම පළාත තුල මේ දිනවල පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල පවුල් 23 කට අයත් පුද්ගලයින් 87 දෙනෙකු පීඩාවලට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන ආකාරයට මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් අටකට අයත් පුද්ගලයින් 23 දෙනෙකුද නුඑරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් 23 කට අයත් පුද්ගලයින් 64 දෙනෙකුද වශයෙන් පීඩාවට පත්ව තිබේ.
අධික වැස්ස, ගල් පෙරළීම, සහ නායයෑමේ අවදානම හේතුවෙන් මෙලෙස පුද්ගලයින් පීඩාවට පත්ව ඇති බවත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.
මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව, උඩුනුවර, අකුරණ, ගඟවට කෝරළය, දෙල්තොට , මිනිපේ, සහ පාතදුම්බර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල මහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ සහ හඟුරන්කත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල පිරිස් මෙලෙස පීඩාවට පත්ව ඇති බවත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.
මහනුවර මොහොමඩ් ආසික්