නුවරඑළිය දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය හා අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්ගේ පවුල් 65 ක පුද්ගලයන් 276 අද (25) වනවිට අවතැත්ව ඇතැයි නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකෝන් මහතා පැවැසීය.
නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රත්නගිරිය ප්‍රදේශයේ පවුල් නවයක පුද්ලයන් 36 කු පස් කඳු කඩා වැටීමෙන්, සමර්සෙට් වත්තේ පවුල් නවයක පුද්ගලයන් 43 කු නිවාස ගිනි ගැනීමෙන්, අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඔීල්ටන් වත්තේ පවුල් 27 ක පුද්ගලයන් 103 කු ගංවතුර හේතුවෙන්, වැලිඔය වත්තේ පවුල් තුනක පුද්ගලයන් 14 කු පස් කඳු කඩාවැටීමෙන්, ලොයිනෝන් වත්තේ පවුල් තුනක පුද්ගලයන් 15 කු පස්කඳු කඩා වැටීමෙන් හා ස්ක්රැන්සි වත්තේ පවුල් 14 ක පුද්ගලයන් 65 කු ගංවතුර හේතුවෙන් මෙසේ අවතැන්ව ඇතැයිද ඒ මහතා කීය.
අවතැන්ව සිටින පිරිස් දැනට ඥාතී නිවාස, දිවා සුරැකුම් මධ්‍යස්ථාන, පෙර පාසල්, පාසල් හා විහාරස්ථාන ආදී ස්ථානවල තාවකාලිකව නවතා ඇති බවද ඒ මහතා පැවැසීය.
ආපදාවන්ට ලක්වු පිරිස් සඳහා අවශ්‍ය පහසුකම් හා සහන සැලැසීමට ප්‍රාදේශීය ලේකම්වරුන් මාර්ගයෙන් පියවර ගෙන ඇති බවත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය පිළිබඳව අවධානම් ප්‍රදේශවල සිටින පිරිස් වඩාත් සැලැකිලිමත්ව සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.
ශාන් හුලංනුගේ