ගාල්ල දිස්ත්‍රික්කයේ ඊයේ (22) දිනයේ ඇතිවූ අධික වර්ෂාපතන තත්ත්වය හේතුවෙන් මේ වනවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 07ක ග්‍රාම නිලධාරී වසම් 36ක සාමාජිකයින් 861 දෙනකු පීඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය සඳහන් කරයි.
පීඩාවට පත්වූ පවුල් සංඛ්‍යාව 293 කි.
පුර්ණ ලෙස හානි වූ නිවාස සංඛ්‍යාව 05කි. අර්ධ හානි නිවාස 41ක් වන අතර ව්‍යාපාරික ස්ථාන එකක් හානියට පත්ව ඇති බව වාර්තා වේ. වැඩි ප්‍රමාණයක් හානි සිදු වි ඇත්තේ පොල් අතු මෝදර ගඟ පිටාර ගැලීම හේතුවෙනි.
පීඩාවට පත්වූ ජනතාවට අවශ්‍ය සහන සේවා කටයුතු කඩිනමින් සැපයූ බව ද දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය සඳහන් කරයි.