අයහපත් කාලගුණික තත්ත්වය නිසා ඉදිරියේ දි ඇතිවිය හැකි හදිසි ආපදා තත්ත්වයන් සදහා හමුදා අනුකාණ්ඩ තුනක් තවලම,නෙළුව හා නාගොඩ යන ප්රදේශවල ස්ථානගත කොට ඇති බැව් ගාල්ල දිස්ත්රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.
නිරිතදිග මොසම සක්රියවිම නිසා ඉදිරියේ ඇතිවිය හැකි හදිසි ආපදා තත්ත්වයන්ට මුහුණ දිම සදහා යුධ හමුදාවේ හා නාවික හමුදාවේ අණුකාණ්ඩ 03ක් ස්ථානගත කිරිමට පියවරගත් බවද දිස්ත්රික් ලේකම්වරයා සදහන් කළේය.
ගිංගගේ ජල මට්ටම පිළිබද නිරන්තරයෙන් නිරික්ෂණය කිරිම සදහා නාවික හමුදාවේ අනුකණ්ඩයක් සිරුවෙන් තබා ඇති බවද දිස්ත්රික් ලේකම්වරයා සදහන් කළේය.
පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය නිසා හානි වු නිවාස ඇතුළු දේපල සදහා මේ වනවිට වන්දිමුදල් තක්සේරු කොට ඇති අතර ඉදිරියේදි එම වන්දි මුදල් ගෙවිමට කටයුතු කරණ බවද දිස්ත්රික් ලේකම්වරයා සදහන් කළේය.