අයිස් නැමති මත්ද්‍රව්‍ය සහ කේරල ගංජා අලෙවි කිරීමේ ජාවාරමක නිරත දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැලක කම්කරු සේවය කරන අයියා මලෝ දෙදෙනෙකු ඊයේ (20දා) රාත්‍රී ගලේවෙල පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගලේවෙල නබඩගහවත්ත ප්‍රදේශයේ පදිංචි සියාම් හා වාසීම් යන අයියා මල්ලි නමින් හඳුන්වන පුද්ගලයන් දෙදෙනකු බව ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්ශාන්ත පෙරේරා මහතා පැවසීය.
සැකකරුවන් සන්තකයේ තිබී පැකට් කරන ලද අයිස් නැමති මත්ද්‍රව්‍ය ග්‍රෑම් තුනහමාරක් කේරළ ගංජා ග්‍රෑම් හතරක් යතුරුපැදියක්, අයිස් මත්ද්‍රව්‍ය සහ ගංජා කිරීම සඳහා යොදා ගන්නා විද්‍යුත් තරාදියක් ,බැංකු කාඩ්පත් රැසක් මෙන්ම අයිස් පැකට් කිරිම සඳහා යොදා ගන්නා පොලිතීන් කවර අයිස් සහ ගංජා අලෙවියෙන් උපයාගත් බව කියන රුපියල් ලක්ෂ දෙකහමාරක් පමණ මුදල් සොයා ගත් බව ගලේවෙල පොලිසිය කියයි.
මෙම සැකකරුවන් දෙදෙනාට අයිස් මත්ද්‍රව්‍ය සහ ගංජා ගෙනැවිත් දෙන ඔවුන්ගේම තවත් සහෝදරයකු පිළිබඳව තොරතුරු අනාවරණය වෙමින් ඇතැයි පොලිසිය කියයි.