විවිධ මිල ගණන් යටතේ අයිස් අලෙවි කරන නිසා අයිස් හොණ්ඩරයක් අලෙවි කළ යුතු උපරිම මිල රුපියල් 200ක් බවට පාලන මිලක් ඇති කරන බව ධීවර අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා සඳහන් කළේය.
ඩීසල් මිල ඉහළ ගොස් තිබෙන බව පවසමින් අයිස් හොන්ඩරයක මිල රුපියල් 30 සිට 70ක් දක්වා මුදලකින් ඉහළ දැමීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබෙන අතර ඉදිරි දිනවලදී මීට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට කටයුතු කරන බවද පවසා සිටියේය.
ධීවර වරායන් තුළ අයිස් හොන්ඩරයක් මේ වනවිට රුපියල් 300 දක්වා මිල ගණන් යටතේ අලෙවි කරන බවත් එහෙත් පසුගිය කාලයේදී අයිස් හොන්ඩරයක් අලෙවි කර තිබෙන්නේ රුපියල් 200 - 230ත් අතර මුදලකටය.