ජනාධිපතිවරයාගේ හෝ අගමැතිවරයාගේ යැයි අයවැය දෙකක් විපක්ෂයට නොමැති බවත්, ඒ අනුව අයවැය පරාජය කිරීම සඳහා විපක්ෂය ලෙස පියවර ගන්නා බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පැවසීය.
හෙතෙම මේ බව පවසා සිටියේ, බත්තරමුල්ල, නෙළුම් මාවතෙහි පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (05දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
අයවැයදෙස විමර්ශනාත්මකව බැලීමේදී එහි බරපතළ පරතරයක් ඇති බවත්, එසේම අයවැය සම්මත කරගැනීම දක්වා ආණ්ඩුවට අභියෝග දෙකක් ඇති බවත් ඔහු පැවැසීය.