අයවැය ඡන්දය සම්බන්ධයෙන් ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රීවරුන්ගේ තීරණය හෙට (05දා) පෙරවරුවේ ගැනීමට තීරණය කර තිබේ. එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පාර්ලිමේන්තු සංකිර්ණයේදී ජනපති මෛත්රිපාල සිරිසේන මහතාගේ හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් අද පැවැත්වීය.
එහිදී නිදහස් පක්ෂ මන්ත්රිවරුන් හෙට ජනපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව ඔවුන්ගේ තීරණය ගැනීමට තීන්දු කර තිබේ. ඒකාබද්ධ විපක්ෂ මන්ත්රීවරුන් දැනටමත් අයවැයට විරුද්ධව ඡන්දය ප්රකාශ කිරිමට තීරණය කර තිබේ.
නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේ පක්ෂය කුමන තීන්දුවක් ගත්තත් තමන් අයවැයට විරුද්ධව ඡන්දය ප්රකාශ කරන බවයි.