2021 වසරේදී ශ්‍රී ලංකාවේ සමස්ත නොපියවූ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 70%ක ප්‍රතිශතයකට පත් කර ගැනිමට රජය අපේක්ෂා කර තිබේ.
එසේම අයවැය හිගය දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.5%ක අගයකට පත්වාගෙන යෑමටත් රජය අපේක්ෂා කරයි.
වත්මන් රජය විසින් මේ වසර සඳහා ඉදිරිපත් කිරීමට නියමිත අයවැය එම ඉලක්ක සපුරා ගැනීමට අපේක්ෂා කරයි.
එසේම මෙම අයවැය ලේඛණය ඉදිරිපත් කිරිමේදී රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 17%කට වඩා වැඩි කිරීම, රජයේ පුනරාවර්තන වියදම දළ දේශී නිෂ්පාදිතයෙන් 15%ක ප්‍රතිශතයකට ගෙන ඒම, රජයේ ආයෝජන දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.5%ක ප්‍රතිශතයක් පවත්වාගෙන යෑමටද අපේක්ෂා කරයි.
පසුගිය වසරේදී ඇතිවූ දේශපාලන අර්බුදය හේතුවෙන් අයවැය ලේඛණයක් ඉදිරිපත් කිරීමට නොහැකි වූ අතර මේ වසරේ මුල් මාස 4 තුළ රජයේ වියදම් ආවරණය කර ගැනීම වෙනුවෙන් අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කර තිබේ.
නව අයවැය ලේඛණය සකස් කිරිමේදී ඉහත සඳහන් කළ මධ්යකාරින රාජ්‍ය මූල්‍ය ඉලක්ක සපුරා ගැනීම සඳහා හැකිවන වන පරිදි අයවැය ලේඛණය පිළියෙළ කිරිමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී ඇත.